Powered By Blogger

Sunday, May 8, 2011

පුදමි තුති මල් මව්නි ඔබ හට.............



වචන නොමැත මව්ගුණ ගී
ගයන පිණිස සිංහලයේ
පුදමි ඔබට තුති මල් අද
කිරි කලාට ගත තුල ලේ

සිප් කිරි දී ණැනස වඩනු
පිණිස අපගෙ මතු යහපත
සතුටු වෙන්නේ ඔබ පමණයි
දියුණුව දැක අපෙ සෑම දින

දුක හා සතුටෙදි නිතිදා
රැදි සිටියි නොසැලෙන ලෙස
ඔබෙ හද තුල ඇති දහිරිය
නොමැත මවුනි මෙ මනු ලොවේ

ලෙඩ වුවොතින් දු දරුවන්
නෙතු නොපියයි දිවා රැයේ
සෙනෙහස දී සුව කරලා
සනසයි අප ළැමෙහි හොවා.......

1 comment:

  1. මවි සෙනෙහෙ ගුණ වචනයෙන් ව්ස්තර කරන්න ඇත්තටම අමාරුයි..
    ඒත් මේ පද බැදුම ආදරය සෙනෙහස දයාවෙන් සජ්ජිතයි...
    ලස්සනයි ඇත්තටම...

    ReplyDelete

Twitter Bird Gadget