Powered By Blogger

Thursday, May 12, 2011

මට හි‍තුනේ මෙහෙමයි........


ආදරේ කියන්නේ හුස්ම ගන්නවා වගේ වැඩක්....  නවත්තන්න බැහැ.... නැවැත්තුවොත් මැරෙනවා....


හිතන්න චුට්ටක් මේ ගැනත්........





සමහර වෙලාවට ඔයාගේ හිත කරන වැඩ වලට ඔයා ආස නෑ.. ජීවිතයේ වෙච්ච අමිහිරිම දේවල්.. අප්‍රසන්න දේවල්.. දුක්බර දේවල් හරි ඉක්මනට අමතක කරලා දාන්න ඔයා ආසයි. දැන දැනම හිත අවුස්සා ගන්න ඔයා ආස නෑ..

           ඒත්...... හිත ඔයාට එකට උදව් කරන්නේ නෑ...... කොච්චර එපා කිව්වත් වෙලාවකට හිත හිතන්නේ හිත හිතා පැලෙන්නට යන්නේ ඔයා අමතක කරලා දාන්න හිතන දේමයි

ඔයා ආස නෑ දුක් විදින්න.... තැවෙන්න.... පසුතැවෙන්න ඒත් හිත මහ ලොකු දෙයක් කරනවා වගේ වෙලාවකට උඩදාගෙන දුක් විදිනවා. ජීවිතේ ගැන...... අනාගතය ගැන...... අනාගත සැළසුම් ගැන හිතන්න තියෙන වෙලාවත් අරගෙන හිත දුක් විදිනවා...... හරියට වෙන කරන්නම දෙයක් නෑ වගේ

             ඔයා හිතේ තියන මේ හිතුවක්කාර ගතිගුණ වලට ආසම නෑ...... ඔයා වෙලාවකට හිතනවා හිත හදාගන්න ඕනි කියලා.... හිත පාලනය කරන්න ඕනි කියලා. ඒත් එකත් හිතන්න ඕනනේ... හිත කැමති නෑ එයාව පාලනය කරන දේවල් ගැන හිතන්න.

මේක මාරම දෙයක්.. වෙලාවකට ඔබට හිතෙනවා කෙනෙකුට හිත් දෙකක් තිබ්බා නම් හොදයි කියලත්.. ඒ ඕන වෙලාවට එක හිතක් ඕෆ් කරලා දාන්නත් අනිත් එක ඔන් කර ගන්නත්.... ඒත් හිතේ ඩුප්ලිකේට් නෑ....... කොපි නෑ...... එකයි තියෙන්නේ..... ඒක තමයි ඔක්කොටම තියෙන්නේ......

“මං නම් ඔය මොනාත් ගැන වැඩිය හිතන්නේ නෑනේ.....” සමහරු මෙහෙම කියනවා ඔබ අහලා ඇති. ඒත් දන්නවද.... මෙහෙම කියන අය තමයි වැඩිපුරම හිතන්නේ..... තැවෙන්නේ.... ඒත් එයාලට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි සමහර දේවල් ගැන හිතුවට... තැවුණට ඒක ලෝකෙට නොපෙන්නා ඉන්න.... 

මේකට මොකද කරන්නේ..... මෙහෙම ගියොත් මායි හිතයි කියන්නේ දෙන්නෙක් වෙයි....... රයිගමයයි ගම්පොළයයි වගේ මේ ගමන යන්න බෑනේ... හිත යන්න ඕනේ මා එක්ක... මං යන්න ඕනේ මගේ හිතත් එක්ක...

                             ඇත්ත... ඔයා කියන්නේ ඇත්ත... ඔයයි හිතයි කියන්නේ දෙන්නෙක් වෙන්න බෑ... එතකොට ජිවිතේ හරි කලබලයි...මේ වෙලා තියෙන්නේ ඒකයි... හිත හොදයි.... ඒත් ඔයා නරකයි. හිත වෙලාවකට නපුරුයි. ඒ වෙලාවට ඔයා හරිම මෘදුයි. වෙලාවකට ඔයා හරි සිල්වත්.... එත් හිත වනචරයි... මං කියන්නේ මේ සිතේ ස්වභාවයයි.... ඔයාගේ ස්වභාවය....

“ හිත මං ළගට ගන්නවද........ නැත්තම් මම හිත ළගට යනවද....”

ඔය දෙකම කරන්න ඕනි.... ඒ ඔක්කොම කලින් ඔයා සන්සුන් වෙන්න ඕනි.... පෑදෙන්නට ඕනි....හිත හරියට දියක් වගේ.... විලක් වගේ.... කලබ වෙලා දරදඩු වෙලා බියත් එක්ක වැඩ කරන්න අමාරුයි. දිය බොර උනාම විල මඩ උනාම ඒකෙ පතුල පේන්නේ නෑ නෙද..... හිතත් ඒ වගේ

                   සන්සුන් වෙන්න.... පෑදෙන්න.... එතකොට හිත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඔයාට පෙන්න ගන්නවා... ඔයාගේ හිත ඔයාට අයිති දෙයක් ඒක සෑබෑවටම ඔයා හිමි කරගන්න ඕනි.....හිත පෑදෙන තුරු බලා ඉන්න...... ඒ අතරතුර තව තවත් දිය බොර කර ගන්න වැඩ කරන්නෙපා.... හිත ගොඩක් පැදුනාට පස්සේ ඔයාට ඒ දිය තුලින් ඔයාවම පේනවා නේද..... බොර දියේ ඔයාට එහෙම පේන්නේ නෑනේ...... නේද?

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අදුරේ...... දවසක් දා මල් වැස්සේ තෙමුණා.......


Twitter Bird Gadget