Powered By Blogger

Thursday, March 31, 2011

නුඹ අයිති මට නෙවෙයි...........






මතක් වෙන හැම කලේ
කදුලු නෙතු තෙත් කරයි.......
පුර හදක් සේ දිලි
රත්තරං ඔබ හිදියි........
නිදි දෙවිදුව සොයා
නෙතු පියා මම හිදියි
සිහින කුමරියකු විලස
නොසෙල්වි නුඹ හිදියි.........
දෑස් අග හෙමි හෙමින්
කදුලු රූරා වැටෙයි..........
අනෝරා වැසි ලෙසින්
මුලු ගතම තෙත් කරයි.......
මුලු ලෝකෙට වඩා
මා නුඹට ආදරෙයි..........
ඒ ආදරේ සිහිනයකි
නුඹ අයිති මට නෙවෙයි...........

බලා හිදින්නට බැහැ ඔබ ගැන තව................





බලා හිදින්නට බැහැ ඔබ ගැන තව
මා සිත දැන් බිදි අවසානයි............
දුන්නු පොරොන්දුව ඔබ කඩ කළ මුත්
වෛර කරන්නේ නෑ.............
ඔබ මට කොපමණ ආදරේ කලාද
කියලා දන්නේ මගේ හද පමණයි
එහෙත් රුදුරු ලෙස වෙන් වන්නට නම්
ආදර පොරොන්දු ඇයි දුන්නේ.............
ප්‍රථම ප්‍රේමයක් අමතක කෙරුමට
බැරි බව දැන් මට වැටහෙනවා...........
ඔහු හා යලි ඔබ එක් වන්නට නම්
මා හට ඇයි ආදරේ කෙරුවේ
ඔබ ගැන අහිතක් මගේ හිතේ නෑ...........
මුල්ම පෙම්වතා ඔහුයි ඔබේ
මගේ පලමු පෙම ඔබ ළග පමණයි
මකන්න බැහැ එය මගේ හදින්..............

Twitter Bird Gadget