Powered By Blogger

Thursday, October 5, 2017

ඇය සුමිත්තා විය...

ඇය ගැලපුනේ ද ඔහුටම පමණි...ඔහු ගැලපුනේද ඇයටම පමණි...
ඇය එතැන සිටියාය...ඇය සුමිත්තා විය...

ඒ දීපංකර සම්බුදු රදුන් මහා සග පිරිස පිරිවරා වඩිනා මොහොතයි...මුහුණ පුරා රැවුල් වැවු තවුසෙක් මඩ ගොඩක වැතිරී ගෙන සිටියි..ඒ තවුසාණන් මහා හඩින් ඒ රන් කදක් මෙන් වඩින සම්බුදු රදුන්ට ඇරයුමක් කරයි...එය එසේ මෙසේ ඇරයුමක් නොවන්නේය..""ස්වාමින් ඔය රෝස පැහැ සිරිපතුල් පද්මයන්හි මඩ නොතැවරේවා!!! මගේ පිට මත්තේ වඩීවා...දීපංකර සම්බුදු රජාණෝ මෙි අභීත වචන කියන්නේ කවුදැයි විමසන්නෝය....ඒ සම්බුදු නුවණට ගෞතම නම් සම්බුදු රජෙකු හසුවන්නේය...මෙි දැන් තමන් ඉදිරියේ සිටින්නේ ඒ වීර පුරුෂරත්නයයි...එදා දීපංකර සමුබුදු රදුන් සියල්ලන් ඉදිරියේ සිංහනාද කලෝය... මෙි තවුසා මතු බුදු වන්නේය... ගෞතම නමින් තුන්ලොව වසග කරන්නේය....මෙි සියල්ල සිදු වන අතරේ එතැන් එක් සුන්දර යුවතියක් සිටියාය
ඇය සුමිත්තාය...සම්බුදුන් පුදන්නට ඇය අත උපුල් මල් මිටි 8කි...ඇය එදා එතැන සිදු වූ සියල්ල දුටුවාය...කිසිවෙකුටවත් නොදැනී ඇය සිතින් පැතුමක් පැතුවාය...""අනේ මටත් ඉපදෙනා හැම වාරයකම මෙි මහා වීර පුරුෂයා සමග ඉන්නට ඇත්නම්""....සියල්ලන් බලා සිටියදී ඇය දීපංකර සම්බුදු රදුන් පා මුල වැද වැටුනෝය...ස්වාමීන් මට ඔබ වහන්සේට දේන්නට දෙයක් නැත..මං ගෙනා මෙි මල් මිටි 8න් 5ක් ඔබ වහන්සේට පූජා වෙිවා....ඉතිරි මල් මිටි 3 මෙි මහා වීර තවුසාණන්ට පූජා වෙිවා...කියා ඇය මල් මිටි 3ක් සුමෙිධ තවුසාණනන්ට පූජා කොට රහසේම පැතුමක් පතන්නීය...මා සසර පුරාවට ඔහුගේම වෙිවා.....එතැන් පටන් ලොවක් සුවපත් කල මහා පොළොවක් කම්පා කල සුන්දරම ආදර කතාව ඇරඹෙන්නේය...එතැන් පටන් ඇයට සසරේදී අන්නත දුක් විදින්නට සිදු වන බව දැන දැනත් ඇය ඔහුවම පැතුවාය...එතැන් පටන් ඔහු ඇයගේම විය....ඔහු ඡද්දන්ත හස්තියා වන විට ඇය සුභද්දා ඇතින්නියයි...ඔහු සදකිදුරා වන විට ඇය ප්‍රේමණිය කිදුරියයි....ලේන කුලේ ඔහු උපන් විට ඇය ද ලේනිය වී ඔහු පසු පසය...ඔහු වෙනුවෙන් ඇය අනන්ත දුක් වින්දේය...ඒත් ඇය වචනයකින්වත් ඔහුගේ සිත නොරිද්දුවාය...වෙසතරු වතෙහි ඔහු දරුවන් දන් දෙන්නේය...ඇය දරුවන් විමසන්නීය...මා දරු දෙදෙනා දන් දුන්නේය ඔහු කියන්නේය...ඇය සිහිසුන් වන්නීය...ඇය නැවත නැගිටින්නීය...""ස්වාමීන් මගේ දරුවන් කොහිද""..."ප්‍රියාවෙනි දරුවන් දන් දුන්නේය"...ඇය නැවත සිහිසුන් වන්නීය....පිස්සියක් සේ හඩන්නීය...ඒත් ඇය වචනයක්වත් නොකියන්නීය....ඔහු ඇයවද දන් දෙන්නේය...ඒත් ඇය නිහඩය.....ඇය ගැලපුනේ ඔහුටම පමණි...සසර පුරාවට ඇය ඔහුව රැක්කේය...ස්වාමීනි මෙි සසර පුරාවට මා ඔබවහන්සේත් සමග පැමිණියෙමි...සසර පුරාවට මා අතින් යම් වරදක් වූවානම් සමා වුව මැනවි...අවසන ඇය අවසන් වරට ඒ සිරිපතුල් වැන්දාය...සාරාඅසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට මහපොළොවද කම්පා කරවූ ඒ අසිරිමත් ප්‍රෙම වෘතාන්තය...ලොවක් සුවපත් කලෝය...යශෝදරා....ඇය සසර පුරාවටම ඔහුගේම විය....ඇය ගැලපුනේ ද ඔහුටම පමණි...ඔහු ගැලපුනේද ඇයටම පමණි...පෑව සෙනේ ඔබ මිස වෙන නැති යශෝදරා...

හැර යන්න අවසරයි......


ඔබ නැතිව හැම රැයක සිතින් ඉකි බින්දා
එපා යන්න දුර ඈත මා තනිව රන්දා
නෙතට ළඟ ඔබ ඉන්න සිනහාව කැන්දා

ආදරයේ නාමයට නෙත කඳුළු රන්දා
ඔබ මාව සිහිනයක තබා ගෙන රන්දා
සොදුරුකල වසන්තේ කැකුළු මල් පුබුදා
නෙයෙන විට මා ළඟට ඔබේ සුවඳ කිසිදා
කුමකටද සසරටම මේ බවට නැතිදා

එකම බිම සෙවැනිලි පැටලෙන්නේ කවදා
අසල දින ඔබ ඉවත හැරුණාය සැමදා
නොමැත මා තරහා ඔබ එක්ක කිසිදා
හැරයන්න ඇවසිනම් නොගනිමි රන්දා

අප්පච්චි.....

ගිනි කූටක අවුවට
මහ මෙර තරම් බරට
ඇදවී වක් වුන ගතට
රිදුම් දෙන ඉරි මතට
ගලන දහඩිය කදුළු කැට
දළුලන සුදහ ගින්නට
වතුර ටික බී කහට
හිත නිවා ගත් නුඹට
අතට ගත් සොච්චමට
පාන් ගෙඩියක් හවහට
කඩාගෙන තුනකට
පොල් සම්බලට පදමට
රසකර දෙන රැයට
බුදුන් නැති දා පැලට
මිහි මත දෙවියන්ට
ඔබයි ඇස දිසි මානයට

ඔබ නිසා......


වාළාකුලූ මත සාදා යහනත
ගලා ගිය මුදු කිරණ සයුරත
මාලානික දුර අඳුර හැර යත

වසන්තය පිරි යොවුන් සඳවත
නිතින උණුසුම පුරන හදවත
සිටින තැන ඔබ නිසා නිකැලත
එකම පැතුමක පිරි සිත ඇත
රැදුන මෙහොතට ලංව ඔය නෙත

පුරාගෙන යළි මතු මතුත් අත
සසර ගෙන මඟ යන්න එක විත
නොවි වෙනසක අරුත මිහි මත
ඉන්න එක ලෙස රැදි මා වෙත

හෙලූව......

මොණරු නටන කොළය උඩින්
වීදී ඉමේ රැය අඳුරින්
සිප වැලඳන් තුරුලූ කරන්
රතී කෙළියේ වැටී දණින්
සිටි මිනිසා උදෑසනින්
සුදු පිරුවට දවට ගමින්
මඟ දුටු විට තූ නොදකින්
වල් ගෑණි කියා කියන්
සළු නොමැතිව හෙලූව වසන්...

ප්‍රථම ප්‍රේමය....


තුරුළු කරන් ඔබ ළගට
වැස්සක තෙමන්න හාදු
ඇහින්ද තරමට හීන....
සිටිය දි ඔබ ළග බෝම
හදවත ගොලූ විය සලිත
කෝල වුණා සිත අරුම
නෙතු මත ඉඟි බිගි පෑව
ඉතිරි කළා මා මතක....

සංසාර මඟ....


සංසාර මඟ දිව යන ගමනක
සිනහා කදුළු දුක් වේදනා විරාමයක
නතර වු එක් නැවතුමක
එක්වුනු වෙන්වුනු බෝහෝ පිරිසක
දැන නොදැන අතහැර ඉවතක
යනු ඇත ඈතින් ඈතක....
ගතවුන ගතවෙන මොහොතක

ඔබ ගියත්.....


සිතට සෙනෙහසට ගෙන අරන්
රැය පුරාවට සිහින දුන්
නෙතු වසාගෙන කදුළු දැන්
ඔබ ගොසින් දුර මා කෙරෙන්
සිටින තැන ඔබ නිති සොදින්
සිටිනු මැන සිත පිරි තුටින්
ඔබගේ මුලූ ලොව ඔහු නමින්
සදා රැක ගනු සෙනෙහසින්
යම් දිනක ඔබ සිත දුකින්
සිටින විට බැඳි ඔහු කෙරෙන්
මා සිටිමි ඔබ වෙත ළඟින්
සිහිනයක දැවැටි හොරෙන්


Twitter Bird Gadget