Powered By Blogger

Thursday, July 21, 2011

| සුරංගනාවියක් ලියු කවියක් |

 

ගහක කොළයක ඇලිලා ඉන්න දළඹු ආත්මයක් හරි ඉක්මණට වෙනස් වෙනවා... ටික දවසකින් දළඹුවාගේ පෙනුම සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා දළඹුවාට හරි ලස්සන පියාපත් දෙකක් එනවා.. ඒ පියාපත් දෙක ලස්සනට වර්ණවත් වෙනවා. මෙහෙම ආපු අළුත් සතාට අපි තව දුරටත් දළඹුවා කියන්නේ නෑ... දළඹුවා වෙනස් උනාට පස්සේ අපි කියන්නේ සමනළයා කියලා... ආදරය කරන්නට කළිනුත් අපිත් හරියට දළඹුවෝ වගේ එත් ආදරයත් එක්ක අපි වෙනස් වෙන්න ගන්නවා  ආදරයත් එක්ක වෙනස් වෙච්ච කොල්ලෙකුට ඊට පස්සේ කියන්නේ ආදරවන්තයා කියලා. එහෙම වෙනස් වෙච්ච කෙල්ලෙකුට කියන්නේ ආදරවන්තිය කියලා. ආදරයක් ජිවිතයක් වෙනස් නොකරනවා නම් ඒක ආදරයක් නෙමෙයි. ගිම්හාන සෘතුවේ කේඩාර වෙලා මල් වරපු ගසක් වසන්ත සෘතුවේදී ආයෙත් මල් පුරවගෙන සරුසාර වෙනවා. ආදරයත් ඒ වගේ ආත්මයට "වසන්ත සෘතුවක්" ගෙනනා පුදුමාකාර ආධ්‍යාත්මික හැගිමක්.

පවන් රුල්ලක් වෙන්න - කොපුල් සිප දිවයන්න
හදවතේ නහර වැල් - සිඹ සෙනෙහේ දනවන්න
මගේ මතක නූඹ වෙන්න - සිහින ලොව රජවෙන්න
එහෙත් සිහිනයක් නම් -  කිසිදාක නොම වෙන්න


මුදු වෙරළ සිප ගන්න - වැතිර මග බලන්නම්
වෙරළ වී පිළිගන්න - ගොළු බසින් මම දොඩන
රහස තේරුම් ගන්න - දෙකම්මුල රතු වුනේ කෝල වු නිසයි මා

ආදරය කියන්නේ හොද සම්පතක්... දේපොළක්.. වස්තුවක්.... ජිවිතයක් පටන් ගන්නට ඒ දේ පමණක්ම ඇති කියලා හිතන්න. සමහර විට අද වෙද්දී අපේ සන්තකයම අහිමි වෙලා තියෙන්න පුළුවන්. එත් "ආදරය" තවමත් අපේ බාරයේ තියෙනව නම් හිතන්න වටිනාම දේ ඔබට, අපට, මට නැතිවෙලා නෑ කියලා. ලෝකයේ හැදිච්ච ගොඩක් මිනිස්සුන්ට අවසානයේ ඉතුරු වුනේ ආදරේ විතරයි. ඒ තමන්ගේ බිරිදගේ ආදරය... සැමියගේ ආදරය... විතරයි. ඒ ආදරයම වස්තුවක් කරගෙන මිනිස්සු නැගිට්ටා. එහෙම නැගිටින්න පුළුවන් කියලා මිනිස්සු ඔප්පු කරලා පෙන්නලා තියෙනවා.

සත්‍යවාදි.... නිර්මල... අවංක... ආදරයක් විසින් අපිව ආරක්ෂා කරනවා. ධර්මය දරන්නා ඒ ධර්මය විසින් ආරක්ෂාකරනවා වගේ ආදරය හදවතේ ඇත්තාව ඒ ආදරය විසින්ම රකිනවා. හොද මිනිස්සු ආදරය දෙවියන් බුදුන් හා සමානව අදහනවා. ඇත්තටම ආදරය එවන් ඇදහිය යුතු මට්ටමක තියෙනවා කියලයි මම හිතන්නේ. හදවත් කුසුම් පර කරන බොහෝ වංචාකාරි හැගිම් අතර ආදරය ඊට වඩා විශ්වාසනීය හැගිමක්. ඔබ කෙනෙකුට ඔබේ ආත්මයට අවංකව ආදරය කරනවානම් ඒ ආදරයම විශ්වාස කරන්න. ඒ වෙනුවෙන් ජිවත් වෙන්න. ස්වභාව ධර්මයා තමන්ට ආදරේ කරන මිනිසුන්ට කලියෙන් ආදරයට ගරු කරන මිනිස්සු දෙස බලනවා....

Twitter Bird Gadget