Powered By Blogger

Wednesday, January 4, 2012

සංසාරේ පැතුම නුඹයි නගේ.....

 

පිරුණු සිතට හේතුව නුඹේ සිනාවයි නගේ.... දුකක් නොදී හැම කල්හිම රැදියන් හිතේ.... සංසාරෙන් සංසාරෙදි පැතුම නුඹ මගේ.... පිරුණු සිතින් පලානොයනා රැදෙන් මගෙ හදේ.... සයුරේ ඇති රැළි ගානේ ආදරෙයි නගේ.... රැළි අතරේ පෙනපිඩු සේ සියුමැලි වු නගේ..... සාගරයේ ගැඹුරට වැඩි ගැඹුරු ආදරේ පුද දුන්දා.... සිත පිරුණා මහමෙරක් වගේ.... අහස් ගැබේ තරු වලටත් වැඩිය.... ආදරේ සදට වඩා හිරුට වඩා බැබලුනා නගේ..... නුඹ නැතිදා මගේ සිතට කුමක් වේද නගේ.... හැරයන්නට එපා නගේ කදුළු දී නෙතේ.... මුලු විශ්වය පුරාවටම ඔබයි මගේ අගේ..... මගෙ හදවත පුරාවටම ඔබයි මගේ අගේ..... මගෙ නෙත් දෙක පුරාවටම ඔබයි ඇදි රුවේ..... සැම කල්හිම රැදි ඉන්න එයයි මගේ සුවේ....

Twitter Bird Gadget