Powered By Blogger

Tuesday, July 19, 2011

සාවරියා | ආදරය කදුළක් කරගත් චරිත හතරක වියෝ ගීතය


ඇය ඔහුගේ ආදරය ලැබෙන තුරු බලා සිටි.......

ඔහු ඇයගේ ආදරය වෙනුවෙන් කැප කිරිම් කරයි....

ප්‍රර්ථනාවක් ඉටු වෙයි.....

ආදරවන්තයින් දෙදෙනෙකු මුණ ගැසෙයි...
මේ ඔවුන්ගේ ආදරය කතාවයි.....


තේරුමක් ඇති ආදරයක්......

''සාවරියා'' කියන්නේ වස්තුව, ඩාලිං හෝ ආදරණියාණෙනි කියන එක ක්‍රිෂ්ණා දෙවියන්ව ආදරේට හදුන්වන්න මේ නමින් එයට හේතු වුයේ විශ්ණු දෙවියන් මදක් කළු පැහැයට හුරු නිල් පැහැය ගත් නිසාය.

නියම ගනයේ විචාරයක් ලෙස ඉදිරිපත් කරන්නේ නම් එහි අර්ථය "ආදරණියයා" යන්නයි. නමුත් සෑම පුද්ගලයකුටම එම ස්ථානයට පැමිණිමට නොහැක. ආදරය පරික්ෂා කරන කාලයේදී එයට නිවැරදිව මුහුණ දෙමින් පැමිණෙන හැම බාධකයක්ම අභිබවන, සැම විටම ප්‍රේමයට මුල් තැන දෙන තමා ගැන නොසිතා ප්‍රේම කරන ස්ථිරසාර කලාතුරකින් මුණ ගැහෙන පුද්ගලයාට තමයි සාවරියා කියන්නේ....


සත්‍යය වු ආදර කතාවක්.....

''සාවරියා'' කියන්නේ සදාකාලික ආදර කතාවක් තරුණ තුන්ඇදුතු ආදරවන්තයින් තිදෙනකු වටා ගෙතෙන ආදර කතාවක්. ඔවුන්  දැඩි ලැදි කමක් දක්වනවා තම ආත්ම විනාශය අද්දර තම ජිවිත ගොඩ නගා ගන්න. මේ සදාතනික ආදර කාතා වෘතාන්තය  කාව්‍ය ස්වරුපයක් ගන්නා අතර මෙහි හුදෙකලා ආත්මයන් (චරිතයන්) කුඩා ළමයින් මෙන් අහිංසකත්වයක් පෙන්වයි. එලෙසම එම ආත්ම සෘජුවම සඟවා තබා ගන්න උත්සුක කරනවා තමන්ගේ ප්‍රශ්න, තරහව, අවුල් සහිත බව හා විශ්ෂයෙන් බලාපොරොත්තු සුන් වූ ආදරය පිළිබදව.

රාජ් යනු බොහෝ ඇතින් ඇති සිහිනයක් සොයා යන කෙනෙක්, ඔහු යම් චමත්කාරජනක නගරයකට පැමිණේ. එම ප්‍රදේශය කදුහෙල් වලින් වට වු මීදුමෙන් ආවරණය වු ලස්සන නැමති සළුවෙන් වැසුන අතිශය ලස්සන ප්‍රදේශයක් එහිදි රාජ් සුන්දර යුවතියකට ආදරය කරනවා. (එම ප්‍රදේශය පුරාවෘර්තයේ සදහන් විදියටම චිත්‍ර ශිල්පියාගේ දර්ශනයට, නැතිනම් කවියාගෙ චිත්තරුපයට  ගැලපෙන ප්‍රදේශයක්) කෙසේ හෝ රජ් ගේ දෛවය චිත්‍රණය කරන්නේ වෙනස්ම චිත්‍රයක්. එය නිහඩ, ප්‍රභාවත් චිත්‍රයක්. තරු සහිත රත්‍රියක රාජ් දකිනවා අභිරහස්, පුදුමකාර තරුණියක් හුදෙකලාව පාලමක් මත සිට ගෙන සිටින ආකාරය. ඇය නමින් සකීනාය. මේ සකීනා නැමති ලැජ්ජාශිලි නිහඩ  වගේම ගුප්ත ( තේරුම් ගන්න අමාරු ) චරිතය රාජ් තුල කුතුහලයක් ඇති කරවන්න සමත් වෙනවා. මෙසේ සිදු වන අලුත් මිතුදම රාජ් තුල මනහර වගේම අවසන් නොවන උනන්දුවක් අති කරනවා සකීනාගේ හදවත දිනා ගැනීම සදහා නමුත් රාජ්ට නොහැකි වෙනවා පිළිගන්න ඇගේ සිත නිතරම සිහි වන අතීතය පිළිබදව. මේ නිසා ඔවුන්ගේ මිතුදම ඇඳගෙන යනු ලබන්නේ සුලි කුණාටුවක් වැනි  වියරුව ප්‍රේම වෘතාන්තයකටය. රාජ් හා සකීනා එක්ව යන ගමන තුලින් අපට සිහි කැඳවනු ලබන්නේ මිනිස් හදවතේ බිඳෙන සුලු ස්වභාවය. ආදරවන්තයින් යුවලකගේ සන්තාපය හා විශ්වාසය පිළිබද පරික්ශණය  අත්හදාබැලිම තුලින් ආනාවරණය වෙන කොන්දේසි විරහිත ආදරය තුල මහත් කලබල වු දහස් ගනණක් චිත්ත වේගයන් ඇති බවය.

ආදරය වෙනුවෙන් කැප කිරිම් කළ චරිත හතරක්......



විහග
ඇයි දෙයියනේ මේ කෙල්ල මේ තරමට මගේ හිත පිස්සු වැට්ටුවේ....
මගේ ජිවිතේ දී සමහර දේවල් සිද්ද වෙන විදිය හරි දුකයි,
ත්......
සතුටක් නෑ කියලා මම කියනවා නෙමෙයි....
 


මධු

ජිවිතේ කිසි දෙයක් ගැන ලොකු බලාපොරොත්තු මට නෑ....
ඔයා දන්නේ නෑ විහග... ඔයා මගේ ජිවිතේ අදහන්න ලැබුණ දෙවියෙක් වගේ, වෙලාවකට පුදුම ලෝභකමක් එනවා.....
එත්....
මාත් මගේ ජිවිතේ වෙනුවෙන් ගොඩක් භාර වෙලා තියෙනවා....



  

ගිහාන්
 

මම මේ තීරණය ගත්තේ වෙන තිරණ ගන්න නැති නිසා නෙමෙයි,
මට මේ තිරණය ඕනි වෙච්ච නිසා.....
  



සිතුවිලි

ඔයා ඔය ප්‍රශ්ණ ගැන හිතන්න එපා
දෛවයේ ලියවිලා තියෙන හැටියට විසදෙයි,

ඔන්න... ඔන්න... ආයේ ඇස්වල කදුළු පුරෝගෙන...
ඔය කදුළු දුක් කදුළු නෙමෙයි නේද?
සතුටු කදුළු කියලා කියන්න....




ළගදීම......
ලියවිල්ල සමඟ එක්ව මුණගැහෙන්න
Saawariya - Collaboration with Liyawilla.Tk
Twitter Bird Gadget