Powered By Blogger

Monday, November 14, 2011

නොවැම්බර් 15 සෙනසුරු මාරුව ඔබට කොහොමද?


තුලා ලග්නය
ආදායම ඉහළ යයි

තුලා ලග්නයෙන් උපන් ඔබට උසස් ආදායම් තත්ත්වයක් ලැබෙන අතර හදිසි ධන ලාභයක්ද අත්වෙයි. වෙළද ව්‍යාපාර හවුල් ව්‍යාපාර විදේශ ආයෝජන ක්‍රම ආදියෙහි යෙදි සිටින අයට උසස් දියුණූවකට මෙන්ම සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනිමට අවස්ථාව සැලසේ. විවිධ වෙළද නිෂ්පාදනයන් හි යෙදි සිටින්නන්ගේ ආදායම් තත්ත්වය ඉහළ යයි.ජලාශ්‍රිත කටයුතු වල යෙදි සිටින්නන්ට උසස් ආදායම් ලැබෙනු ඇත. තැන්පත් ධනය ඉහළ යන මාසයකි. නවතා දමා තිබු යම් ව්‍යාපාරයන් නව මුහුණුවරකින් ආරම්භ කරයි. ඒ සදහා විශ්වාසනීය හවුල්කරුවකු හමුවේ කරන ලද ආයෝජන සම්බන්ධ ප්‍රතිලාභයක්ද අත්වෙයි.

ගෘහ ජීවිතය
- අධික වැඩ කොටසක් හිස මත පැටවෙන බැවින් නොසන්සුන් බවින් යුක්තව කටයුතු කරයි. ඉවසිමෙන් කටයුතු කිරිමට වග බලා ගනි.  කලබලකාරි බව හේතුවෙන් පාඩු සිදුවිමටද සුහදතා පලුදු විමටද ඉඩ ඇති බැවින් විවාහ අපේක්ෂිත තරුණයන්ට යහපත් විවාහයක් සදහා අවස්ථාව උදාවේ.

රැකියාව
- රැකියා කටයුතු සම්බන්දයෙන් දක්වන ආකල්ප යහපත් වන අතර ඒ සම්බන්ධයෙන් ගෞරව සම්මාන අත්කර ගැනිමට අවස්ථාව සැලසේ. ඉදිරිපත් විමේ හා අදහස් ප්‍රකාශ කිරිමේ ක්‍රමවත් බව කාගෙත් සිත් දිනා ගැනිමට හේතු වනු ඇත. විශේෂ රැකියා බලාපොරොත්තු වුවන්ගේ අදහස් මල්ඵල දරනු ඇත.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදී සිටින තුල ලග්න හිමියන් වෙත පැවති ගැටළු තව දුරටත් බලපාන බැවින් අපෙක්ෂා භංගත්වයෙන් තොරව ඉවසිලිවන්තව කල්පනාකාරිව කටයුතු කොට සාර්ථකත්වය ලගා කර ගන්න.

සෙඛ්‍යය
- ලේ දෝෂ, දියවැඩියාව, වාත දෝෂ පීනස ආදියෙන් පීඩා විදින අයගේ රෝග තත්ත්වයන් ප්‍රබල වීමට ඉඩ ඇති බැවින් අපත්‍ය කාරකයන්ගෙන් ඈත් වි කාලය දශා අන්තර් දශා ගත කරන අයට අශුභඵල අත්වනු ඇත.

(ජය අංකය - 07 / 09, ශුභ දින - ඉරිදා / සිකුරාදා, ශුභ වර්ණය - රෝස / තැඹිලි)

වෘෂ්චික ලග්නය
බාධක දුරුවෙයි

වෘෂ්චික ලග්නයෙන් උපන් ඔබට සහනදායි කාල පරිච්ජේදයක් ලෙස හැගෙනු ඇත. පැවති කරදර බාධක බොහොමයක්ම මග හැරියයි. ප්‍රිතිමත්ව කාලය ගත වේ. සිතට බරක්ව පැවැති යම් කටයුත්තක් බලාපොරොත්තු රහිත ලෙස විසදී යයි. අතමිට මුදල් තත්ත්වය යහපත්වන අතර හදිසි ධන ලාභද උදා වේ. සමාජ කටයුතු වල යෙදිමෙන් මහජන ප්‍රසාදය ඇති කර ගැනීමට අවස්ථාව උදා වේ. ප්‍රභූ පක්ෂයෙන් උදව් උපකාර ලැබෙනු ඇත. විනෝද චාරික, ප්‍රීති උත්සව අදියෙහි යෙදිමට අවස්ථා කිහිපයක්ම යෙදෙනු ඇත.

ගෘහ ජීවිතය
- නිවසේ පැවති යම් යම් ගැටලු සහිත තත්ත්වයන් මගහැරී යන අතර සාමකාමී පරිසරයක් ඇති වේ. ඥාතීන් සමග පැවැති ගැටලුකාරී තත්ත්වයන් විසදී යන අතර සුහදශිලිව කටයුතු කිරිමට අවස්ථාව උදා වේ. විවාහ ගැටලු පැවති අයගේ එම තත්ත්වයන් මගහැරි යන අතර සාර්ථක විවාහ ජිවිත සදහා අවශ්‍ය පරිසරය ගොඩනැගෙනු ඇත. යහපත් විවාහ ජිවිතයක් සදහා මංගල යෝජනා ඉදිරිපත් වේ.

රැකියාව
- ක්‍රමවත්ව හා කාර්යක්ෂමව කටයුතු කිරිමට පෙළඹෙන බැවින් ප්‍රභූ පක්ෂයෙන්ද උසස් නිලධාරින්ගෙන්ද පැසසුම් ගලා එනු ඇත. උසස්විම් අපෙක්ෂා කළ අයගේ එම අදහස් ඉටු වේ. ස්ථාන මාරු අපේක්ෂා කළ අයට බලාපොරොත්තු වු ආකාරයටම එම කාර්යයන් ඉටු කර ගැනිමට හැකි වේ.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදී සිටින වෘෂ්චික ලග්න හිමියන්ට පැවති ගැටලුකාරි තත්ත්වයන් තවදුරටත් බලපායි. අධ්‍යාපන චාරිකාවක යෙදිමට අවස්ථාවක් උදා වේ. නීතිය, කලා ෂේත්‍රය ආදියෙහි අධ්‍යාපනය ලබන අයට විශේෂ වරප්‍රසාද අත්කර ගැනිමට හැකිවේ.

සෙඛ්‍යය
- උදරාබාධ, සෙම් රෝග, වකුගඩු ආශ්‍රිත ආබාධ බලපාන අය අපත්‍යකාරක යන්ගෙන් ඈත් වී කාලය ගත කරන්න රාහු කේතු රවි අතුරු දශා ගත කරන අයට අශුභ ඵල අධිකයි.

(ජය අංකය - 01 / 07, ශුභ දින - සදුදා / සිකුරාදා, ශුභ වර්ණය - දම් / සුදු)

ධනු ලග්නය
විදේශගත මිතුරන්ගෙන් උපකාර

ධනු ලග්නයෙන් උපන් ඔබට හදිසි ෂන ලාභයන් අය කර ගත හැකි වේ. විදේශගතව සිටින මිතුරන්ගෙන් වැදගත් උපකාරයක් ද ලබා ගත හැකි වේ. එමෙන්ම විදේශගතවිම සදහා පැවති අපේක්ෂාවන් ඉටු වන ලකුණු පහළවෙයි. විදේශ ගත මිතුරකුගෙන් ඔබට ආරාධනාවක්ද ලැබෙනු ඇත. ගමන් බිමන් අධිකව යෙදෙන අතර අත්‍යවශය භාණ්ඩ කිහිපයක්ම මිලදි ගැනිමට අවස්ථාව උදා වේ. තිරණ ගැනිමේ දුර්වලතා ඇති නොවන මුත් ඔබගේ යම් ප්‍රමාදයක් හෝ වංචාකාරින්ගේ ප්‍රබල විම මත නඩු සිදුවිමක් යෙදෙනු ඇත. කල්පනාකාරිව කටයුතු කරන්න.

ගෘහ ජීවිතය
- අඩපණ වී පැවැති නිවාස කටයුතු සියල්ල සාර්ථක ලෙස පවත්වා ගැනිමට හැකිවේ. කලක් අඩපණව සිටි වැඩ කටයුතු බොහොමයක් ඉටුවන අතර වාහන මිලදි ගැනිමක් ද සිදුවේ.  පවුලේ විනෝද චාරික සැලසුම් කරයි. දරුසුරතල් බැලිමේ බලාපොරොත්තුවෙන් සිටි ඔබට එම බලාපොරොත්තු ඉටු වේ.

රැකියාව
- රැකියා කටයුතු සම්බන්ධයෙන් යම් යම් ගැටලු මතුවන නමුත් අවස්ථානුකුලව කටයුතු කොට බාධක ජය ගැනිමට හැකිවේ. විරුද්ධවාදින් ඔබට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගයකදි වැදගත් උසස් පුද්ගලයන්ගේ සහයෝගය මත එය ව්‍යාර්ථ වී රැකියා අපේක්ෂීත අයගේ බලාපොරොත්තු ඉටුවනු ඇති අතර දුෂ්කර සේවය හෝ දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කිරිමට සිදු වන තත්ත්වයක් පවති.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදී සිටින ධනු ලග්න හිමියන්ට ඉතාම ශුභදායි වකවානුවකි. අධ්‍යාපනය සම්භන්ධයෙන් පැවති ගැටලු නිරාකරණය වෙන අතර ගුරු භවතුන්ගේ සහයෝගය නොමදව ලබා ගැනිමටද සුහදශිලි කාරුණික ගුරු භවතුන්ගේ සහයෝගය මත උසස් ප්‍රතිඵල ලබා ගැනිමටද අවස්ථාව උදා වේ.

සෙඛ්‍යය
- සෙම් රෝග, හෘදයාබාධ, පපුව ආශ්‍රිත ආබාධ බලපාන රෝග තත්ත්වය කෙරෙහි උනනදුවෙන් කටයුතු කරන්න. වාත රෝග, වකුගඩු ආශ්‍රිත ආබාධ බලපාන තත්ත්වයක් ද මෙහිදි සදු, සෙනසුරු දශා අතුරු දශා ගත කරද්දී තරුණ අයට ශුභඵලදායකය.

(ජය අංකය - 03 / 05, ශුභ දින - බ්‍රහස්පතින්දා, ශුභ වර්ණය - මුතු / කහ)

මකර ලග්නය
ආර්ථික වාසි

මකර ලග්නයෙන් උපන් ඔබට බලාපොරොත්තු සියල්ලම වාගේ සාර්ථක කර ගත හැකි ශුභදායක වකවානුවකි. හදිසි ධන ලාභ, ආර්ථික වාසි රැකියා කටයුතු වල දියිණුවක් ඇති වේ. සමාජ කටයුතු වල නිරතවීමෙන් වාසි රැසක් අත්කර ගැනිමට අවස්ථාව උදා වේ. විනෝද චාරිකා, ප්‍රිතී උත්සව ආදියට සහභාගි විමටද නව මිතුරු මිතුරියන් හදුනා ගැනිමටද අවස්ථාවක් සැලසේ. පවත්වා ගෙන යන ව්‍යාපාරයක් සදහා අවශ්‍ය උපාංග මිලදි ගැනිමක් සිදුවන අතරම එහි විවිධත්වයක් සහිත පුළුල් කිරිමක්ද කෙරෙනු ඇත. අවංක හවුල්කරුවන් සමග කටයුතු කිරිමට අවස්ථාව එළැඹේ.

ගෘහ ජීවිතය
- නිවසේ පැවති ගැටලුකාරි හා නොසන්සුන් ගති පැවතුම් සැනසිලිදාදයක ලෙස කාලට ගත වී යයි. නව නිවසක් ඉදි කිරිමක් සදහා මුලික කටයුතු ආරම්භ කරයි. ඉඩමක් ද මිල දි ගනි. වාහන මිලදී ගැනිමක් ද සිදු වේ. ඥාතින් සමග විනෝද චාරිකාවක යෙදෙයි. විදේශ ගතවිම්, ඥාතියෙකු නිවසට පැමිණිමෙන් විවාහ අපේක්ෂිත මකර ලග්න හිමියන්ට විවාහ ගිවිස ගැනිමට අවස්ථාව සැලසේ.

රැකියාව
- රාජ්‍ය තන්ත්‍රෙය් වෘත්තින්හි නියැලි සිටින මකර ලග්න හිමියන්ට ජනතා ප්‍රසාදය අත්වන අතර සමාජ කටයුතු මගින් උසස් ප්‍රතිචාර අත්වේ. රැකියාවේ උසස් විම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉටු වන ලකුණු පහළ වෙයි.  රැකියා අපේක්ෂිත මකර ලග්න හිමියන්ට සපුරා ඇති සුදුසුකම් අභිබවා යන සාර්ථක උසස් වෘත්තින්හි නියැළිමට අවස්ථාව සැලසේ. විදේශ ගත රැකියා සදහා ද අවස්ථාව උදා වනු ඇත.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදී සිටින මකර ලග්න හිමියන්ට අධ්‍යාපන කටයුතු පිළිබදව ප්‍රබල ගැටලු ඇති නොවේ. වෛද්‍ය අංශය, නිතිය, මාධ්‍ය අංශය, නාට්‍ය කලා, සෞන්දර්ය විෂයන් ආදියෙහි යෙදි සිටින අයට උසස් ප්‍රතිඵලදායක ගැනිමේ භාග්‍යය ලැබෙනු ඇත.

සෙඛ්‍යය
- රත්පිත් රෝග, පීනස් රෝග, ගලගණ්ඩය, උදරාබාධ බලපාන අයගේ රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් ඖෂධ ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වේ. රසායනික සංයෝග සහිත කෘත්‍රිම ආහාර මෙන්ම ප්‍රමිතියෙන් තොර වු ආහාර මගින් ප්‍රබල ගැටලු ඇති කරන බැවින් කල්පනාකාරි වන්න.

(ජය අංකය - 02 / 04, ශුභ දින - බදාදා / සිකුරාදා, ශුභ වර්ණය - කහ / දුඹුරු)

කුම්භ ලග්නය
විදේශ චාරිකා

ඔබට නොවැම්බර් මසය තුල ශුභ ඵල අධික ලෙස අත්කර ගත හැකිය. අවංක වුද ධනවත් මෙන්ම සාර්ථක හවුල්කරුවකු සමග සාර්ථක ව්‍යාපාරයක් අරඹයි. විදේශ මිතුරන් සමග වැදගත් ගනුදෙනුවක් කෙරෙනු ඇත. නීතිමය ගැටලුවකටද මුහුණ පෑමට සිදුවන බැවින් කල්පනාකාරි වන්න. හදිසි ධන ලාභයක් අත් කර ගැනිමේ භාග්‍යයෙන් යුක්තය. දුර බැහැර ගමනකදී උසස් මිතුරකු හදුනා ගැනිමට අවස්ථාව සැලසේ.  විදේශ චාරිකාවක්ද සැලසුම් කරයි. ප්‍රචාරක කටයුතු / බුද්ධිමය දේපළ අලෙවි කිරිම ආදියෙන් උසස් ආදායම් ලැබේ.

ගෘහ ජීවිතය
- නිවසේ පැවැති සන්සුන් බව ක්‍රමයෙන් ගිලිහි යයි. පවුලේ ප්‍රශ්ණ මතු වෙයි. අඹු සැමි අතර සුහදතා පළුදු වන ආකාරයේ සිදුවිම් ඇති වේ. කිසිවකුගේ කට කතා මගින් පවුල අවුල් කරන තත්ත්වයක්ද ඇති වේ. අනුන්ගේ අදහස් කෙරෙහි විශ්වාස තබා කටයුතු කිරිමෙන් වැළකි සිටිම වැදගත්ය. දරුවන්ගේ අනාගතය පිළිබදව සාර්ථක වැඩ පිළිවෙලක් අරඹයි.

රැකියාව
- රැකියා ස්ථානයේ කැපි පෙනෙන ලෙස කටයුතු කිරිමෙන් වරප්‍රසාද අත්කර ගනී. උසස්විම් ද ලැබෙනු ඇත. විදේශ මුදල් සමග ගනු දෙනු කිරිමට අවස්ථාවක් සැලසේ. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් උසස් වු වරප්‍රසාද සහිත වෘත්තියන්හි නියැළිමට අවස්ථාව උදා වේ.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදී සිටින කුම්භ ලග්න හිමියන්ට ශුභදායකයි. ක්‍රිඩා කටයුතු වල යෙදි සිටින අයට කැපී පෙනෙන දක්ෂතා දැක්විමේ භාග්‍ය උදා වීමෙන් වරප්‍රසාද සමග සම්මාන පිරිනැමෙනු ඇත. විදේශගත අධ්‍යාපන අපේක්ෂා කළ අයගේ අදහස් ඉටු වේ.

සෙඛ්‍යය
- වාත රෝග, රත්පිත් රෝග, ස්නායු ගත දුර්වලතා, පෙණහලු ආශ්‍රිත ආබාධ බලපාන අය දිව ඔසු ප්‍රතිකාර වෙත යොමු විම වැදගත්ය. දුර බැහැර ගමන් බිමන් වලදී අපත්‍ය ආහාර නුපුරුදු ජලය පාවිච්චිය අගුණය. සෙනසුරාදා / අගහරුවාදා කේතු දශා අන්තර් දශා ගත රෝග ඇති අයට ශුභදායකය.

(ජය අංකය - 03 / 09, ශුභ දින - බදාදා / සිකුරාදා, ශුභ වර්ණය - නිල් / තැඹිලි)

මීන ලග්නය
මහජන ප්‍රසාදය

මීන ලග්නයෙන් උපන් ඔබට නොවැම්බර් මාසය ශුභ අශුභ මිශ්‍ර ඵලදායක වේ. ආදායම් තත්ත්වය යහපත් වන අතර මහජන ප්‍රසාදයට පත් වේ. වන්දනා චාරිකා විනෝද චාරිකා සදහා සහභාගි විමට අවස්ථා උදා වේ. සුභ කටයුතුවල යෙදෙයි. ව්‍යාපාර කටයුතුවල යෙදෙන මීන ලග්න හිමියන්ට විශේෂ වරප්‍රසාද අත්කර ගැනිමට/ සමාජයේ ඉහළ තත්ත්ව ලබා ගැනිමට ද අවස්ථාව යෙදෙනු ඇත. හදිසි ධන ලාභයන් අත් වෙයි.

ගෘහ ජීවිතය
- ගෘහ ජිවිතය සාමකාමි ලෙස ගෙවී යයි. නිවසේ නවිකරණයෙන් නව නිවස ආරම්භ කිරිමක් සිදු වේ. පවුලේ ඥාතින් සමග විනෝද චාරිකාවක යෙදෙයි. මව්පස ඥාතියකුගේ ප්‍රීති උත්සවයකට සහභාගි වෙයි. දරුවකුගේ දියුණුව වෙනුවෙන් ප්‍රිති විමේ අවස්ථාවක් යෙදේ. භූමිය සම්බන්ධයෙන් පැවති අවුලක් නිරිකරණය වේ.

රැකියාව
- රැකියා කටයුතු තුළ ඉහළ සාර්ථකත්වයක් දක්නට ලැබෙනු ඇත. ඔබ වෙත පැවරෙන ඕනෑම කටයුත්තක් සාර්ථක ලෙස නිම කිරිමට ද කලට වේලාවට කටයුතු කොට කාලය ඉතිරි කෙට ගෙන ප්‍රිතිමත්ව විනෝදයෙන් කාලය ගත කිරිමටද උනන්දු වේ.

අධ්‍යාපනය
- අධ්‍යාපනයේ යෙදී සිටින මීන ලග්න හිමියන්ට ශුභදායකයි. උසස් අධ්‍යාපන ලාභින්ට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනිමට හැකි වේ. නිවැරදි තීරණ ගැනිම ද තියුණු බුද්ධිය ද සහිතව කටයුතු කරනු ඇත.

සෙඛ්‍යය
- ලේ දෝෂ, සෙම් රෝග, උගුර, බෙල්ල ආශ්‍රිත ආබාධ, ආහාර ඇලජික් විම් ආදිය බලපාන අපත්‍ය කාරකයන්ගෙන් ඈත් වී කාලය ගත කරන්න. කුජ, සෙනසුරු දශා අතුරු දශා ගත කරන අයට ශුභඵල අවම වන අතර අන් අයට ශුභඵල ලැබෙනු ඇත.

(ජය අංකය - 02 / 09, ශුභ දින - බදාදා / බ්‍රහස්පතින්දා, ශුභ වර්ණය - දුඹුරු / තැඹිලි)
Twitter Bird Gadget