Powered By Blogger

Saturday, November 5, 2011

ඒ බැදිමට දෙන්න නමක් නෑ.......


මට ආදරේ කරලා උඹ විදෙව්වා මදි...
තවත් විදවපන් වස්තු.... තවත් විදවපන්.....


හ්ම්........... මම ඔයාට ආදරේ කියලා ඔයාට කියන්නම ඕනිද වස්තු...... ඇයි ඔයාට මේ ඇස් වලින් එවා පෙන්නේ නැද්ද? මට මතක් වෙන කොටත් හිනා යනවා.. ඔයාට මතකද ඔයාව උස්සන් ගෙනිහින් වට හතක් ගිහින් මගේ මැණික කර ගන්නවා කිව්වම ඔයා හිනා වුනා නේද? මම කිව්වම ඔයාව උස්සන් යනවා කියලා මම කෑ ගහනවා කිව්ව මෙයා... මම ලගට කිට්ටු වුණාම. මගේ ළගට එන්න එපා... මගේ ළගට එන්න එපා.... කිය කියා මාව එයාගේ තුරුළට ඇදලා ගන්නවා, අපොයි ඒ දවස අද මතක් වෙන කොට මට තනියම හිනා යනවා එදා ඔයාට වඩා මමයි වස්තු බය වුනේ.... කොහොම උස්සන් යන්නද දෙයියනේ මගේ අත පය හතරම හිර කරලා ඔයා පපුව තුරුළට ගත්තම....

Twitter Bird Gadget