Powered By Blogger

Saturday, March 26, 2011

දුරස් උනත් ඔබේ සුවද මැකි යන්නේ නෑ..............

 
සදට ආදරේ කළාට
ලං වෙන්නට බෑ.........
දුර තිබුනද සද කුමරුගේ
රැස් අඩු වෙන්නේ නෑ..........
මලට ආදරේ කළාට
නෙලා ගන්න බෑ.........
ඒ උනාට මලේ සුවද
වෙනස් වෙන්නේ නෑ.........
ඔබට ආදරේ කළාට
ලංවෙන්නට බෑ.........
දුර සිටියද ඔබ මාගෙන්
අමතක වෙන් නෑ...........
කවී ලිවට ඔබ ගැන මා
ලබා ගන්න බෑ.........
දුරස් උනත් ඔබේ සුවද
මැකි යන්නේ නෑ..............

මා හද පිපි මල් බිම වැටුණා..........


 
රැ අහසේ නැග ආවා සුදු සද
සේපාලිකා මල් පිපි හිනැහුනා...........
සද බැස ගොස් පායා ආවා හිරු
පිපුණු සේපාලිකා බිම වැටුණා
හිරු නැග ආවා උදය සොයාගෙන
පරෙවි මල් පිපි සුවදක් හැමුවා............
හිරු අවරට ගොස් අහස අදුරු විය
පිපුණු පරෙවි මල් බිම වැටුණා.......
යලිදු අහසෙ විකසිත විය තරුමල්
සද හා එක්වි  සිනා සුනා...........
කාලය ගෙවිලා හිරු නෙත් ඇරියා
සද හා තරු මල් පසු බැස්සා...........
මා පෙර ආවා ඔබව සොයා ගෙන
මා හද මල් පිපි සතුටක් දැනුනා........
යලි මා වෙන්විය ඔබ අමතක කර
මා හද පිපි මල් බිම වැටුණා..........
Twitter Bird Gadget