නිල් මානෙල් මලක් වාගෙයි වැවක
අස් හොරෙන් කරකවන කොට ඔහොම
රැස් විහිදෙනා ඔය මුණ ඩිංගිත්තක් ඉතින්
ඇස් වහක් වදී හංගාගනින් සුදු මැණික....
සදතරම් උඹ ලස්සන උනත් දවසට දෙකට...
රතු නෙළුම් මල් පොට්ටුවක් උනත් පොඩි ළමැද...
රත්තරන් උඹ නලව නලවා ගියත් සුදු පස්ස...
මං තරම් උඹට ආදරේ නැහැ වෙන කවුරුවත්....
සල්ලි බාගෙත් නැති දොහක..
උඹට හිත ගිය බව ඇත්තයි...
ඔය රන් රෑපේ සරසන්නට....
මේ හිගන්නට සළු පිළිත් නැති බව හැබයි...
මැණිකෙට එස් එම් එස් එවන්නට
මට දැන් සෙල්ටෙලුත් නැති බව ඇත්තයි...
ඒත් සුදු රත්තරං දවසක
උඹව උස්සන් යන්නෙත් මංම තමයි...
දවසක අත මිට සරුවෙන දාකට යහමින්
ජිප්සි සායක් උඹටම කියා ගෙනවිත්
ඔය ගස්සනා උඹටම අන්දවා හැඩබලා
අනේ මං නිදාගන්නවා උඹේ උකුලෙම රත්තරං...
හරි හමං රස්සාවකුත් නැතුව දැන් මට....
ජිවිතේ පතුල අතගාන මට
හරි හමං ආදරයක් නැතුව...
තවත් දුක හිතෙනවා කෙල්ලේ...
කවුරුත් ආදරේ කරන....
කාටත් ආදරේ කරන
සුපර් ස්ටාර් කෙනෙක් නොවුනට රත්තරන් මං....
මේ මහා විශ්වයේ කාටත් වඩා උඹට ආදරේ මං....
මේ මහා විශ්වයේ කාටත් වඩා උඹට ආදරේ මං....