Powered By Blogger

Sunday, May 8, 2011

පුදමි තුති මල් මව්නි ඔබ හට.............



වචන නොමැත මව්ගුණ ගී
ගයන පිණිස සිංහලයේ
පුදමි ඔබට තුති මල් අද
කිරි කලාට ගත තුල ලේ

සිප් කිරි දී ණැනස වඩනු
පිණිස අපගෙ මතු යහපත
සතුටු වෙන්නේ ඔබ පමණයි
දියුණුව දැක අපෙ සෑම දින

දුක හා සතුටෙදි නිතිදා
රැදි සිටියි නොසැලෙන ලෙස
ඔබෙ හද තුල ඇති දහිරිය
නොමැත මවුනි මෙ මනු ලොවේ

ලෙඩ වුවොතින් දු දරුවන්
නෙතු නොපියයි දිවා රැයේ
සෙනෙහස දී සුව කරලා
සනසයි අප ළැමෙහි හොවා.......

Twitter Bird Gadget