Powered By Blogger

Tuesday, January 3, 2012

සින්දු - මගේ ආදරයේ අනුපමේය ගීතය (02)


සිත දුරුත්තේ... පරාජිත දුටු සතුටු මලක් ඔස්සේ...
ඔබගේ හිතෙහි ලැගුම් ගන්නට...
වෙර දරන ඇය....
මගේ ආදරයේ අනුපමේය ගීතය
-සින්දු - 

 

හෙලෝ.... 

අම්මේ... සිතුම් කතා කරන්නේ.. 

පුතේ.... මොකද මේ හදිසියේම අම්මව මතක් වුනේ... ඇයි අම්මේ හදිසියෙන් කියන්නේ දැන් දවස් දෙකකට විතරත් කලින් කතා කළා නේද? ඒක නෙමෙයි අම්මේ මං හෙට හවසට ගෙදර එනවා ඒක කියන්න තමයි ගත්තේ. අප්පච්චිට කියන්න මාව ගන්න ස්ටේෂන් එකට එන්න කියලා..  අම්මේ මං පස්සේ කතා කරන්නම් දැන් මේ කොලේජ් යන ගමන් තියන්නම් අම්මේ තෙරුවන් සරණයි. 

ජයසේකර මැණිකේට කතා කිරිමට කිසිදු අවස්ථාවක් නොදි සිතුම් සියල්ල කියා දුරකථනය විසන්දි කළේය. ජයසේකර මැණිකේට කතා කිරිමට පවා නොහැකිය ඇයගේ සතුට වැඩි කමට ඇස් වලින් කදුළු වැටෙන්ට විය.
අපේ මහත්තයා... අපේ මහත්තයා.... ජයසේකර මැණිකේ සතුටින් කෑගසන්නට විය. 

මොකද හාමිනේ මේ හිටි හැටියේ කැගහන්නේ... මොකද වෙලා තියෙන්නේ... ඇයි අයෙත් වත්තේ වුන් උපවාස කරන්න පටන් අරන්ද? මේදා සැරේ නම් උන්ට වැරදිලා තමයි එහෙනම්... කිසිවක් නොදන්නා ජයසේකර ලොකු මහත්තයා කියවන්න පටන් ගත්තේය.

ඔයාට පිස්සුද අපේ මහත්තයා... සිතුම් කතා කලා... හෙට හවස එනවා කිව්වා ගෙදර.... 

කවුද මේ අපේ සිතුම්... 

ඔවු අපේ මහත්තයා... අපේ සිතුම් පුතා තමයි.... ඇය සතුටින් කියන්ට විය.

අපේ හාදයට මොකද හිටි හැටියේම ගෙදර එන්න මතක් වුනේ... ඒකත් මෙච්චර කාලයක්  කොළඹ ඉදිය අපි කොච්චර නම් එන්න කියලා කිවුවත්.. දෙලෙස් මහට එන අවුරුද්දකටවත් මේ දරුවා ගමේ ආව එකක් යැ... හැබැටම මැණිකේ මේ ළමයා මොකක් හරි උරචක්‍ර මාලාවක්වත් කරේ දාගෙනද දන්නේ නැනේද.? ජයසේකර මැණිකේගේ කෙන්තිය ඇවිස්සිමේ අරමුණින්ම එය හිතා මතා කිවේය.

අනේ මේ අපේ මහත්තයා... මගේ දරුවා එහෙම ඕවට අහුවෙන කෙනෙක් නෙමෙයි. ලොකු මැණිකේ ගස්සාගෙන ගෙතුළට ගියේය. ජයසේකර මහත්තයාගේද හිතේ මහත් සතුටක් විය. කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදැරිමට ගිය සිතුම්.. වසර ගණනක් තිස්සේ කොළඹටම හුරුවි එය තමන්ගේ උපන් ගම කර ගත්තේය. එම අවුරුදු කිහිපයටම ඔහු ගෙදර පැමිණියේ නැත. ලොකු මැණිකෙත් ජයසේකර මහත්තයාත් පුළුවන් විටක කොළඹ ගොස් සිතුම් හමුවෙයි. සිතුම් නැවති සිටියේ ලොකු මැණිකේගේ සහෝදරියකගේ ගෙදරය. පසුව ඇය සමග සිදුවු බහින් බස් විමක් නිසා සිතුම් ස්ව කැමැත්තෙන් බොඩිමක් වෙත ගියේය. වසර කිහිපයකට පසු නිවස කරා එන තම පුතා දැකිමට ජයසේකර මහත්තයාගේ හිතේද තිබුනේ ඉමහත් සතුටකි.

පොඩි මැණිකා... 

මේ එනවා ලොකු මැණිකේ... 

පොඩි මැණිකේ හෙට පුංචි මහත්තයා එනවා කියලා කොල් එකක් දුන්නා. දරුවා ගෙඩක් කාගේකට පස්සේ ගෙදර එන්නේ කටට රහට කන්න මොනවා හරි හදන්න වෙයි. මොනවා හරි ගෙන්න ගන්න තියෙනම් සිමන්ව යවලා ගෙන්න ගනින්. පුංචි මහත්තයගේ කාමරේ අස් කරලා අළුත් දොර රෙදි ටික දාපන්.. ඇද ඇතිරිලි ටික අයින් කරලා අළුත් එවා ටිකත් දාපන්කෝ... ඩෙසිමල් පත්තියේ තියෙන ඩෙසියා මල් ටිකක් පොච්චියට දාන්න අමතක කරන්න එපා පුංචි මහත්තයා ඩෙසිමල් වලට හරි ආසයි. 

හොදයි ලොකු මැණිකේ ඇය.... ලොකු මැණිකේ කියවාගෙන ගිය ලැයිස්තුව කටපාඩම් කරගත්තා මෙන් ඇයට කියු එම කාර්යයන් නිසියාකරව කරනා බවටත් පොරොන්දු විය..

**********

අම්මේ.... මොකද අද මේ ලොකු මහත්තයයි මැණිකෙයි මේ තරම් සතුටින්... සින්දු පොඩි මැණිකාගෙන් අසන්නට විය. 

අනේ කෙල්ලේ මට උදව් කරහන්කෝ.. වැඩ ගොඩ ගැහිලා..  පුංචි මහත්තයා හෙට එනවලු... ඉතින් වැඩ ගොඩ ගැහැලා.. උඹට පුළුවන් නම් ගිහින් පුංචි මහත්තයගේ කමරේ අස්පස් කරලා දාපන්... හොද කෙල්ල වගේ...
හොදයි අම්මේ...  

සින්දු... බංගලාවේ උඩ තට්ටුවේ පිහිටි වසා දාමා තිබු කාමර විවෘත කර එය පිරිසිදු කලහ. පරණ දොර රෙදි ඇද ඇතිරිලි ඉවත් කොට අළුත් ඒවායින් කාමරය සැරසුවේය. කාමරයේ පැත්තක කුඩා කණ්නාඩි මේසයක් විය. ඒ මත දුවිලි බැදුණු ඡායා රුපයක් විය ඇය අත තිබු රෙදි කැබැල්ලනේ එය පිරිසිදු කරන්නට විය. ඒම ඡායා රුපයේ ඉතා කඩවසම් තරුණයකුගේ රුවක් සින්දු දුටුවේය. ඒ පුංචි මහත්තයා වන්නට ඇතයි ඇය අනුමාන කරන්නට විය. 

පොඩි මැණිකා... 

කාමරයේ දෙර ළගින් ලොකු මැණිකේගේ කටහඩ ඇසෙන්නට විය. අම්මා කුස්සියේ මැණිකේ.. 

ආ... උඹ ආවද කෙල්ලේ... කාමරේ අස් කරලා ඉවර වෙලා මගේ මේ දණහිස් දෙකේ තෙල් ටිකක් ගාපන් කෙල්ලේ හරියට උල්වලින් අනිනවා වගේ කකියනවා බං... 

හොදයි මැණිකේ.. මං තෙල් බෙහෙත් කුප්පියත් අරන් එන්නම්... ඇය ලොකු මැණිකේට දයාන් විත ස්වරයෙන් කියන්නට විය. 

**************

Twitter Bird Gadget