Powered By Blogger

Thursday, June 23, 2011

කීවා සුළග මට කීවා........... (අවසාන කොටස)


ඔයාගේ යාළුවා වෙඩින් කාඩ් බෙදුවා කියලා ඔයා කලබල වෙලා බදින්න කෙනෙක් හොයාගන්න ඕනි නෑ......

 

මං කොහොමද තව දුක් විදින්නේ,
අපි හම්බ උනානම් ජිවිතේ කොච්චර ලස්සනද
බලන්න මේ පාළුවෙන් ගෙවන දවස්....
අපි එකට උන්නා නම් අපිට මොනතරම් දේවල් කතා කරන්න තිබ්බද....

ඔව්.... දවසකට දස දහස් වතාවක් එහෙම හිතෙනවා තමයි,

එත් මලක් පිපෙන්න කාලයක් ගත වෙනවා.. දිය උල්පතක් ගංගාවක් වෙන්න සැහෙන දුරක් කදු අතරින් ගලන්නට වෙනවා... එක පුංචි බලාපොරොත්තුවේ වැහි වළාකුලකට බැහැ ආදරේ වැස්ස නා කපන්න වස්සවන්න... ඒකට බලාපොරොත්තුවේ වළාකුළු කප්පරයක් අහසේ එකතුවෙන්නම වෙනවා.. 


ආදරය නොලැබි ගිහින් ඉඩෝරයකට අහුවෙලා හිදි ගිය වැව් පතුලක් වගේ හදවත වියළිව ගිහිල්ලා නම්.... ප්‍රථමයෙන් ඔයා ඔයාගේ යහපත් ගුණ ධර්ම ටික හදාගන්න ඊර්ෂ්‍යා කරන එක නවත්තන්න. අනුන්ගේ වැරදි සොයන එක නවත්තන්න හැමෝටම කරුණාවන්ත වෙන්න. කෘතගුණ සළකන්න. කළගුණ මතක තියා ගන්න. එහෙම වුනාම ආදරේ කරන කෙනෙකුට ඔබ ළගට එන්න ලොකු ඕනෑ කමක් ඇති වෙනවා. ඔබ දන්නේ නැතිව එයා ඔයා ළගට ඇවිත් ඇති ජරා ගොඩට බහින්නේ නිල මැස්සෝ. සමනල්ලු බහින්නේ සුවද මල් වලට. ඒක මතක තියා ගන්න ජිවිතය සුවද මලක් කරගන්නවද කියන එක ඔයාලට බාරයි. අනික කවුරුත් උඩගු කෙනෙකුට ආදරේ කරන්න ආස නැහැ... අහංකාර ආඩම්බර පපුවකින් නිහතමානි නිරහංකාර ආදරයක් උපදින්නේ නෑ... ඔයාලගේ වචනයෙන් කියනව නම් පොරක් වෙන්න ඕනි නැහැ... ඔය වාගේ පොරවල් අනන්තවත් තට්ට තනියම කාත් කවුරුවත් නැතුව සමාජයේ පාරවල් දිගේ චාටර් කනවා. ඒ නිසා මුළු ආත්මයෙන්ම නිහතමානි වෙන්න. සරල ගති පැවතුම් නිරහංකාර වචන ඔයා ගැන ලොකු සෙනෙහසක් අනිත් අයගේ පපුවේ ඇති කරනවා. ඇත්තටම ආදරය කරන කෙනෙක් මවා පෙන්නන ලෝකයට කැමති නැහැ... නැති ලෝකයක් නැති වත්කමක් නැති තත්වයක් පෙන්නන්න හදපු කෙනෙකුගෙන් එන්නේ ජෝකර් කෙනෙකුගේ පාට... කව්රුවත් ආස නැහැ ජෝකර් කෙනෙක්ට ආදරේ කරන්න ලෝකයට මවා පෙන්විම් කරන්න යන කෙනෙක් ආදරය කරන කෙනෙකුටත් මවා පෙන්වනවා. එහෙම උනාම රැවටෙනවා. කව්රුත් ආස නැහැ රැවටෙන්න. ඒ නිසයි කියන්නේ පුළුවන් තාක් අව්‍යාජ වෙන්න. චාම් වෙන්න. ලෝකයේ යථාර්ථය තේරුම් අරගෙන ජිවත් වෙන්න... එතකොට තවත් කෙනෙක් ඔයාට ඇවිත් ළං වෙන්න බය නෑ....

කෙල්ලෙකුට උනත්... කොල්ලෙකුට උනත්... රළු බව ඒ තරම් හරියන්නේ නෑ... අපි මේ දැන් පිපුන මල් ඉතින් මොලොක් වෙන්න එපායැ. ඕනිවට වඩා රළු උන කෙනෙකුගේ ළග ඉදිද්දී ජිවිතය කරුමයක් වෙනවා. හැකිතාක්  මෘදු වෙන්න බලන්න ඔබ අද ගෙවන ජිවිතය හරි වාසනාවක් කියලා ඔබට ආදරය කරන අය හිතන්නේ එතකොට....

කව්රුත් ආස නැහැ හිස් කළ ගෙඩි වලට. පිරිච්ච කළ තමයි ජිවිතයට වාසනාව ගෙන්නේ ආදරයේදී උනත් පිරුණ පුන් කළසක් වෙන්න තමයි හීන දකින්නට ඕනා... ඇදුමින්... පැළදුමින්... කතා බහින්... ගතිගුණ වලින්.. වැඩ වලින් ඔයා පිරුන කෙනෙක් වෙන්න ඕන. ඔයාගේ ගත යුත්තක් තියෙන්න ඕන. ඔයාට ආදරය කළාම එයාගේ ජිවිතේම පිරෙන්නම ඕනි. එහෙම නොවි ඔයාට ළං වුනාම එයාගේ ජිවිතේ හිස් වෙලා යනවනම් ඇත්තටම එයා ඔයාට ආදරේ කරන්නේ නෑ. ඔයා පිරුන කෙනෙක් වෙනවා කියන්නේ පණ්ඩිතයෙක් සල්ලිකාරයෙක් වෙන්න ඕනි කියනවා නෙමෙයි. නිකම්ම නිකං කොල්ලෙක් කෙල්ලෙක් වෙලා ආදරයක් දිනා ගන්න බෑ කියලයි මං කියන්නේ. මොකාක් හරි විශේෂත්වයකට ඔයා පත් වෙන්න ඕනා විශ්වාසවන්ත ආදරයක් ලබන්න ඔයත් හොද විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනා... ඔයා මේ කියපු දේ වෙනස් කරන්න කරපු දේ නොකියන‍ නොකියපු දේ කරන... කට ඇරියොත් බොරු කියන ලුහු චරිතයක් උනොත් ඔයාට ආදරය කරන්න නෙමෙයි කව්රුවත් ඔයාට ළංවෙන්නවත් බය වෙනවා. ‍ආදරය කියන්නේ විශ්වාවන්ත කම උතුරා පිටාර ගලා යද්දී මතුවෙන දෙයකට. ඒක තමා විශ්වාසයේ පරම බැදිම. එයා ඔයාගේ හිතින් එයාටත් වඩා විශ්වාසයක් බලාපොරොත්තු වෙනවා. ඒක කාටවත් කට වචනයෙන් කියලා හරි යන්නේ නෑ ඔයා ඔයාගේ ‍ජිවිතයෙනන්ම වැඩ වලින් ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනි

ඔයා හරි සුන්දර සිතුවිලි තියෙන....  හරි ලස්සන අදහස් තියෙන..... අලංකාර හැගිම් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඔයා එක්ක ගත කරන ජිවිතය හරි සුන්දරයි කියලා එයාට හිතෙන්න ඕන. එහෙම නැතිව ඔයා එක්ක ගත කරන විනාඩියක් පවා හරි කරුමයක් කියලා කෙනෙක් හිතනවා නම් ඇත්තටම ඔයාට කව්රුත් ආදරය කරන්නේ නෑ....

බොළද වෙන්න ඕනා... හුරතල් වෙන්නත් ඕනා... හැබයි රත්තරනේ ඔයාගේ ආදරේ ශක්තිමත් වෙන්නත් ඕනා... “අ‍පෝ එයා මහ මැන්ටලයක්නේ” කියලා කවුරුහරි ඔයාට කිව්වොත් ඒක ලොකු කතාවක් කවුරුවත් කැමති නෑ හයිය නැති අතු තියෙන ගස් වල ගෙවල් හදන්න නේද...... කව්රුහරි කෙනෙක් ඔයාට ආදරය කරන්නේ දිර්ඝ කාලයක් ඔයා එක්ක ඉන්න බලාගෙන. ඒ නිසාම තමයි ඔයාගේ ජිවිතය හරි ශක්තිමත් වෙන්න වෙන්න ඕන. ඔයා තාමත් වැනියන් කලු වැනියන් විදියට ජිවිතය ගැන හිතනවා නම් ඇත්තටම කවුරුවත් ඔයාට ආදරය කරන්න එන්නද... මොකට ඔයාට ආදරය කරන්නද....

මේවා ගැන ටිකක් ගැඹුරින් හිතන්න. ආදරයක් සෙනෙහසක් නැති විම ජිවිතයට ලොකු පාළුවක්... ඒ බැදිම හදවතට ඕන හැබැයි අද බැදිලා හෙට ලෙහිලා යන්නත් නෙමේ. ජිවිතයේ එක පාරක් හිතලා සංසාර ගැටයක් ගහගන්න. ඊට කලින් තමන්ගේ කඹේ හොදට හයියද කියලා හිතන්න..

ඔයාගේ හදවතට ආදරය ඉක්මණට ගලත්වා ! 

Monday, June 20, 2011

මටත් තිබුණා හීනයක්.........


හැමෝටම වගේ මටත් හිනයක් තිබුණා......
රාජ කුමාරයෙක් වගේ සුදු අශ්වයෙක්ගේ පිටේ ඇවිත්,
සේද සළු පිළි වලින් ඔයාව සරසලා
සදහටම මගේ කරගෙන අර ගෙන යන්න.......
එත් අද මගේ ළග සේද සළු තිබුණත්, සුදු අශ්වයෙක් හිටියත්
මම රාජ කුමාරයෙක් වෙන්නේ කෙහොමද ?
මගේ රාජ කුමාරි දැන් වෙන කෙනෙක්ගේ වෙලා.......
මම කොහොමද මගේ රාජ කුමාරිව නැතිව
රාජ කුමාරයෙක් වෙන්නේ,
කමක් නෑ රත්තරනේ......
ඔයා සතුටින් නම් මම හිනා වෙන්නම්....
අදටත් මම ඔයා ගැන හිතන නිසා,

Twitter Bird Gadget