Powered By Blogger

Wednesday, June 8, 2011

කීවා සුළග මට කීවා........... (තෙවෙනි සටහන)


ඔයාගේ යාළුවා වෙඩින් කාඩ් බෙදුවා කියලා ඔයා කලබල වෙලා බදින්න කෙනෙක් හොයාගන්න ඕනි නෑ......

අපිට ජීවිතේ කොච්චර අත්දැකීම් 
තිබ්බත් හිත වෙලාවකට
හරි බොළදයි........ 
හ..රි..ම බොළදයි...




පන්සලකට ගිහිල්ලා මලක් තියලා අනිත් අතට හැරිලා එන්න බෑ... ඒ වගේ ජිවිත කාලය පුරාම තියෙන බැදිමක් වෙනුවෙන් දඩිං බිඩිං ඩෝං ගාලා කෙනෙක්ව හොයාගන්න බෑ.... කවුරුවත් “පටාස්” ගාලා හම්බ වෙන්නේ නෑ... හම්බ උනත් ඒ හම්බ වෙන්න හිටපු කෙනා නෙමෙයි ඔයාට හිතෙනවද කොච්චර කාලයක් ගියත් ඔයාගේ ජිවිතයට කව්රුවත් හම්බවෙන එකක් නෑ කියලා. සමහර විට ඔයාට එහෙම අත්දෑකිම් පවා ඇති “මං කොච්චර දෙනෙක්ට මගේ ආදරේ පෙන්නුවද ඔප්පු කරලා පෙන්නුවද.... එත් කවුරුවත් ම‍ට ආදරේ කළේ නෑ.... හැමෝම මාව දැම්මේ පාංකඩයක් ඉදුල් බත් ටිකක් ගාණට ඇයි මට ලෝකය එහෙම කළේ එච්චරටම නොසලකා අරින්න තරම් මං නොවැදගත් කෙනෙක්ද මොකක්ද මගේ තියෙන වරද ආදරයක් සෙනෙහසක් හිතවත්කමක් ළෙන්ගතුකමක් නොලබන්න.....” ඔයා කවදා හරි ඔයාගේ හිතෙන්ම මේ ප්‍රශ්නේ ඇහුවා නම් ගොඩක් හොදයි... මොකද මාත් මේ ප්‍රශ්නේ මගේ හිතෙන් ඇහුවා..... මොකද කෙනෙක් ආදරයක් ලබන්න සුදුස්සෙක්ද ‍නුසුදුස්සෙක්ද කියලා එයාම හිතන්න ඕනි... දාස් පෙතියා ඇට ටිකක් වෙලිච්ච දුවිලි පොළවකට පොඩි කරලා දැම්මට දාස් පෙතියා මල් පැල එන්නෑ... එහෙම වෙන්නේ මල් පැල වලට පැලවෙන්න ඒ දුවිලි වියළි පොළව හරියන්නේ නැති නිසා නමුත් ඒ දාස් පෙතියා මල් ඇට ටිකම තෙතමනය තියෙන බුරුල් පස් ගොඩකට නිකං විසිකරලා දැම්මත් පැළවෙනවා....


              ඉස්සෙල්ලාම ඔයා හොද මිනිස්කම් දන්න ගුණ යහපත් මෘදු කෙනෙක් වෙන්න ඕනි බැලු බැල්මට ඔයා හරි අමානුෂික, වියරු, නරුම කෙනෙක් නම්.... ඔයාගේ අතින් වෙන තරමක් වෙන්නේ පහත් තිරිසන් වැඩ නම්.... ආදරයක් තියා ආදරයක සුළං පොදක්වත් ඔයා ඉන්න පැත්තකින්වත් යන්නේ නෑ.... අපි කවුරුත් ආසයි මිනිස්කමට... හැමෝම ආස හොද මනුස්සකම් දන්න කෙනෙකුට ආදරය කරන්න එහෙම කෙනෙක් කවදාවත් පහත් වැඩ කරන්නේ නෑ..... නිග්‍රහ කරන්නේ නෑ..... දාලා යන්නේ නෑ.... පාවා දෙන්නේ නෑ..... මනුස්සකම කියන්නේ හරි සුවදක් හමන දෙයකට.... ඒ වගේ කෙනෙකුට ආදරේ කරන්න නෙමේ..... ළග දැවටෙන්න පවා කෙනෙක් ආසයි.... අඩුම ගානේ එහෙම කෙනෙක් දවස ගානේ දකින්න ලැබෙනවා නම් ඒකත් පිනක් කියලා තමයි හිතන්නේ ඉතින් එහෙම හිතකට කාටහරි ආදරය කරන්න ලැබුනොත් එයා නොකර ඉදිද..... නැත්නම් එහෙම මනුස්සයෙක් දකින කෙනෙක්ට ජිවිතයෙන් ඈතට යන්න දේවිද.... නෑ හදවතින් බැදිමක් කෙරේ ලෝබකමක් හදාගත්තහම ඒ පපුව යකඩ දම්වැල් වලින් බැදලා තියාගන්නවා....


හිත ගිය තැනක සදහටම ඉන්නට 
ලස්සන හිතක් කොහිද ඔය හිත මිස 
පෙම් බස් හුගක් රසට මුමුණන්නද
මා........
හිත ගිය තැනක සදහටම ඉන්නද
ලස්සන හිතක් කොහිද ඔය හිත මිස
හිත් නැති සිතක් කෙලෙස හමුවන්ද
මා.... හා....

Twitter Bird Gadget