Powered By Blogger

Tuesday, March 8, 2011

සිදංගනා .....




කවදාවත් කොතනකදීවත්
මං තරග කළේ නෑ
ඒ තරග කරලා පරාජය බාරගන්න බැරිව නෙමෙයි
පරාජයේදී හිතේ තියෙන
සැනසීම නැතිවෙනවට මං බයයි
ලැබෙන දේ
සතුටින් භාර ගත්ත මිසක්
ජිවිතේට තව තව දේවල් ඉල්ලලා
මං ඇඩුවේ නෑ
ආදරේදි වුනත් මං එහෙමයි
ආදරේ මට ‍‍‍සෞම්‍ය හීනයක්
මෟදු මොලොක් මල් පෙත්තක්
ඔයාගේ ආදරේට හිත ලෝබයි
ඒත් ඒ ආදරේ
දෝතට ගන්න..... පපුවට තුරුලු කර ගන්න
මං බය වුනේ ඒකයි
මං හරියට අඩන්න ගත්තේ දැන් 
ඒ ඔයා ළග නැති නිසා
මං බලන් ඉන්නම්
නිහඩව නිසොල්මනේ
මේ රැ කලුවරේ
හමන සීතල සුළගකින්වත්
ඔයා ගැන 
තොරතුරක් ලැබෙනකල්............



සිහින පාරමී - දෙවන කොටස

පරමී මාර අප්සටි එක නේ ? ඇන්ජි‍මේ ලොකු දෝෂයක් තියෙනවා. අද අපට මෙහේ ඉදලා හෙට උදේ ඉදලා යන්න වෙන්නේ මාධව පැවසුවේ වෙන කළ නොහැකි දෙයක් නොවු බැවිනි.
මං දන්නේ නෑ හංස අපේ සියා උදේවෙන කොට මැරිලා තියේවි ද දන්නේ නෑ පාරමී පැවසුවේ අධික ලෙස වෙවුලමිනි.

සියා එචිචරම බය නෑ පාරමී. මං ගැන ඔයාටත් වැඩිය විශ්වාසයි. නැත්නමි ගෑනු දරැවෙක් ‍‍මේ වගේ තනියම එවයි ද? හංස පවසන විට පාරමී කිටි කිටි ගා වෙවුළමින් වකුටුවනු ‍හංස දුටු‍‍වේය.

ඔයා හොදටම ගැහෙන්න පටන් අරන්. ඔයා හොදටම තෙමුණ නේ ? අපි යමු පාරමී හොටෙල් එකට පාරමී ඉතා බියෙන් යුතුව මාධවට ළං වුවාය.

යමු.... යමු.... හංස ජිප් රියෙන් බැස වටෙන් ඇවිත් පාරමී බස්සවාගෙන හෝටලය දෙසට ගමන් කළේය.

මට බයයි පුංචි හාමු පාරමී ගැහෙමින් හංස තුරැලු වුවාය.
හොටෙල් එකේ කාමරයක් තුළ හංස සහ පාරමී තෙමුණු ඇගවල් පිස දමමින් සිටිති. අධික ලෙස තෙමුණු නිසා ඇගේ ඇදුමි සිරූරට ඇලි ඇගේ නග්න බව ඉස්මතු වි හංසගේ හැගිමි අවුස්සන්න විය. හංස පාරමී ඔලුව පිසදාන අතර පාරමී සිතල වැඩි කම නිසා ඇය නොදැනිම හා පැටියෙකු සේ හංස තුරූලු වුවාය. හංස දැඩි වෙහෙසකින් යුතුව අකාරූණික වෙමින් පවතින හැගිමි පාලනය කර ගනි හංස තදින්ම තෙමුණු ෂර්ටි එක ගලවා ඉස්කිරිමේ දමා සපත්තු දෙක ගලවා ඇද යටට දැමු‍වේය.

පාරමි මං දැන් ලයිටි නිවනවා ඔයාට තියෙන්නේ ඔය තෙමිචිච ඇදුමි ගලවලා ඇද උඩ තියෙන බෙඩි ෂීටි එක පොරවාගන්න

ඒ සමගම ඉතා දරූණු ගෙරවුමි හඩක් සමග විදුලි කෙටු‍වේය. පරමි හංස ළගට දුවගෙන විත් හැකිළෙමින් උණුසු‍මේ රැදෙන්නට උත්සාහ කළාය.

ලයිටි නිවන්න එපා පුංචි හාමු මං බයයි

එහෙනම් මම අහක බලාගෙන ඉන්නමි ඔයා ඇදගන්න.

කමක් නැ බලන් හිටියට. මගේ ඇගේ කැලි ගැලවෙනවද පුංචි හාමු බැලුවහම. පාරමි හයක් හතරක් නොදන්නා  කිරි දරුවෙකු මෙනි. හංස කර කියා ගත හැකි දෙයක් නොමැතිව ඔලුව කැසු‍වේය.
Twitter Bird Gadget