Powered By Blogger

Thursday, June 9, 2011

ජීවිතේ කිසි දෙයක් ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ ........


ජිවිතය කියන්නේ දුක විතරමද
ඔව් මිනිහෙක් උපදිනවා කියන්නේ මහා දුක් 
කන්දරාවක් විදින්න බාරගන්න එක තමයි...
ඒත්, අපි ඒ ජිවිතය ඇතුලේ මොනවා හරි
දෙයක් නිසා සතුටු වෙනවා.....
දරු මල්ලෝ ලබනවා.... එකිනෙකා අතර
ඇතිවන ආදරණිය බැදිම් දිගේ ඔහේ ගලන
ජිවිතය දිහා බලාගෙන ඉන්නවා....
සමහර වෙලාවට අඩනවා.... සමහර වෙලාවට
හිනාවෙනවා.....




සත්‍යවාදී.... නිර්මල... අවංක.... ආදරයක් විසින් අපිව ආරක්ෂා කරනවා. ධර්මය දරන්නා ඒ ධර්මය විසින්ම ආරකෂා කරනවා වගේ ආදරය හදවතේ ඇත්තාව ඒ ආදරය විසින්ම රකිනවා.... හොද මිනිස්සු ආදරය දෙවියන් බුදුන් හා සමානව අදහනවා..... ඇත්තටම ආදරය එවන් ඇදහිය යුතු මට්ටමක තියෙනවා. හදවත් කුසුම් පර කරන බොහෝ වංචාකාරී හැගිම් අතර ආදරය ඊට වඩා විශ්වාසනිය හැගිමක්.  ඔබ කෙනෙකුට ඔබේ ආත්මයට අවංකව ආදරය කරනවානම් ඒ ආදරය විශ්වාස කරන්න. ඒ වෙනුවෙන්ම සත්‍ය ක්‍රියා කරන්නත බුදුන් දෙවියන් තමාට පුද සත්කාර කරන ගරු කරන කෙනෙක් දෙස බලනවාට වඩා වේලාසනින් ආදරයට අවංකව ගරු කරන මිනිස්සු දෙස බලනවා.....

ජීවිතේ කිසි දෙයක් ගැන 
ලොකු බලාපොරොත්තුවක් නෑ 
එත්......
මාත් මගේ ජීවිතේ වෙනුවෙන්
භාර ගොඩක් වෙලා 
තියෙනවා.......
Twitter Bird Gadget