Powered By Blogger

Wednesday, November 30, 2011

සින්දු | මගේ ආදරයේ අනුපමේය ගීතය


සිත උදුවප් මහේ... පරාජිත දුටු සතුටු මලක් ඔස්සේ...
ඔබගේ හිතෙහි ලැගුම් ගන්නට...
වෙර දරන ඇය....
මගේ ආදරයේ අනුපමේය ගීතය
-සින්දු - 




සීත උදුවප් මාසයේ සති කිහිපයක්ම එක දිගට කඩා හැලුනු වරුසාව නිසා තැනින් තැන වතුර පහරවල් කඩා හැලෙයි. පාන්දර මිදුම නිසා අවට කිසිවක් හරියාකාරව පෙනෙන්නේ නැත.  එහෙත් පාන්ද අවදි වු කුරුලු පැටවුන්ට නම් මේ පරිසරයේ වෙනස්කම් ප්‍රිතිය උපද්දවන කරුණක්ම පමණි. කදුකරයේ පහල ලැයිමේ ලමිස්සියක් බංගලාව දෙසට එන බව පොඩි මැණිකා දුටුවේය. ඒ සැනින් ඇය පඩිපෙලවල් බසිමින් ඉදිරියට ගියේ. කොණ්ඩ කරල් දෙකක් ගොතා මල් වැටුණු චිත්ත ගවුමකින් සැරසුනු මෙම යුවතිය දකින්නන්ගේ හිතට ප්‍රිය උපද්දවන දසුනකි. කිරි බොතල් දෙකද තුරුළු කරගෙන වන මල් ගොමුවක් තවත් අතෙක රදවා උඩ පැන පැන එන යුවතිය දෙස පොඩි මැණිකා බලා සිටියේ තරමක් කෙන්තියෙනි..

ඇයි යකෝ.... උඹ තාම පොඩි එකියෙක් කියාල ද හිතාන ඉන්නේ, දගරදදා වන වන එන ලස්සන..
කවුරු හරි දැක්කොත් මොනවා නොකියයිද? 

සින්දු... පොඩි මැණිකේ දිහා බලා කට කොනින් සිනා සෙන්න විය.

හ්ම්.. පොඩි මැණිකේ තරහින් සින්දු දෙස බැලිය.  බලපන් කෙල්ලේ දැන් වෙලාව කියද කියලා, තව මෙතන සිරික්කිය දානවා, පලයන් ඉක්මණට ගිහින් බංගලාව අතුපතු ගාලා අස්පරස් කරහන්.. පස්සට ඉර වැටෙනකම් බුදිය ගන්නවා.. මොකෝ උඹ ගෙදර ඉදියත් වැඩක් කරන එකක්යැ පොඩි හාමිනේ තොල තොන්චියක් නැතිව කියවගෙන ගියේය. 

සින්දු... ඇයට කිසිවක් නොකිවේය.. පොඩි හාමිනේ සින්දුගේ මවය.. ඇය නිරන්තරයෙන්ම තොර තොන්චියක් නැතිව කියවන ගැහැණියක් බව විටෙක අප්පච්චි සින්දුට කියා සිනහසෙයි. 

පොඩි මැණිකා... පොඩි මැණිකා... මේ එනවා ලොකු මැණිකේ, මොනවද බං මෙච්චර වෙලා කරන්නේ දැන් වෙලාව බලපන් කිරි බොන්නේ දවල් දෙළහටද.. අනේ ලොකු මැණිකේ මිදුම වැඩියි, පාන්දර සීතලයි.. නිසා කෙල්ලට ටිකක් නින්ද ගිහින්... 

කෝ... සින්දු ආවද?

ඔවු ලොකු මැණිකේ... මම කිව්වා මිදුල ඩිංගක් පිහිදාල පලයන් කියලා.. එකි එහා පැත්තේ ඇති ලොකු මැණිකේ,  ඇය ලොකු මැණිකේට ගෞරව ලෙසත් යටහත් පහත් සේවිකාවත් ලෙසත් ඇය දෙස නොබලා බිම බලා කිවේය.

හා.. හා.. ඉක්මන් කරපන්.. ලොකු හාමුට කිරි ටික ගිහින් දිපන්,  ඇය පොඩි හාමිනේට ඇයගේ දිනපතා සුපුරුදු කාල සටහන මතක් කරන්නට විය. 

**************
සින්දු
ඈ... මගේ ආදරයේ අනුපමේය ගීතයයි. 

Twitter Bird Gadget