Powered By Blogger

Tuesday, November 15, 2011

සෙනසුරු මාරුවෙනදා ආශිර්වාද පතා අපි කුමක් කරමුද?



සෙනසුරු මාරුවෙන්නේ උදා කාලයේ නමුත්, එදින හවස ඉර බැස යනවාත් (6.35ට) සමග අපට කළ හැකි ශාස්ත්‍රීය ප්‍රතිකාර තිබේ. මුලින්ම විශේෂයෙන් ක්‍රමාණුකූලව සකස් කළ ගිතෙල් පහනක් ගෙන, ගෙයි ඉදිරිපිට ප්‍රධාන දොරට පෙනෙන ලෙස සකස් කළ මල් පැලක හෝ ගස් බෙනයක නිල් මල් කිහිපයක් අතුරා (නිල් මල් සොයා ගත නොහැකි නම් කොහොඹ කොළ හෝ සොයා ගත හැකි නෙම් දෙවර්ගයම වුවද සුදුසුය) පහන දැල්විය යුතුයි.  නැගෙනහිර බලා ගෙන දල්වන්න. හොදට සෝදා ගත් කාසියක් කලු රෙදි කැබැල්ලක ගැට ගසා පහන අසල තබන්න. මෙම පහනේ දැල්ලට කිරි නුග කොළයක් අල්ලා තරමක් රත්කර, ගෙට ඇතුල් වන දොරේ හරහට නුලක් ඇද එම කොළය රදවන්න නැතහොත් ඇණයක් ගසා උළුවස්සේ සවි කරන්න (සෙනසුරුගේ රුක්ෂය ලෙස සලකන්නේ කිරිපළු නුග රුකයි)

නොවැම්බර් 15 සෙනසුරු මාරුව ඔබට කොහොමද?
(ලග්න පලඵල මෙතැනින් බලන්න)


Twitter Bird Gadget