Powered By Blogger

Sunday, August 28, 2011

සාගරේ තරම් | 10 වෙනි කොටස


මට කණගාටුයි පවන්... අපි ගොඩක් උත්සාහා කලා ඒත් දරුවා විතරයි අපිට බේරගන්න පුළුවන් වුනේ.මොනවද ඩොක්ටර් ඔයා මේ කියන්නේ ප්‍ර...ර්...ථ...නා...සමාවෙන්න පවන්... අපිට ඔයාගේ තත්වය තේරුම් ගන්න පුළුවන්,ප්‍ර...ර්...ථ...නා... ඔයා ඇයි ප්‍රර්ථනා මාව තනිකරලා සදහටම යන්න ගියේ. ප්‍රර්ථනා.. මම කොහොමද දෙයියනේ මේ දරු පැටියට කියන්නේ උඹගේ අම්මා මැරුනේ මම නිසා කියලා. පවන් හිතේ තිබුණ දුකට හිතට ආ සියල්ල තැකිමකින් තොරව කියා ගෙන ගියේය.

පුතේ... දරුවට මොකද වෙලා තියෙන්නේ.. කෝ මගේ දරුවා... කෝ ප්‍රර්ථනා... කතා කරන්න ළමයෝ... මොකද මේ... ප්‍රර්ථනාගේ මව නුවර මහා ඉස්පිරිතාලේට ආවේ. පවන්ගේ දුරකථන ඇමතුමටය.. ප්‍රර්ථනා අන්තිම මොහොතේ දී තම මවට කතා කළ හෙයින් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත පවන්ට අකමැත්තකින් වුවද ප්‍රර්ථනාගේ මවට නුවර මහා ඉස්පිරිතාලේට කතා කිරිමට සිදු විය. අ..ම්..මේ ප්‍රර්ථ..නා.... පවන්ට කිසිවක් කියා ගැනිමට තරම් ශක්තියක් නොතිබුණි. ඔහු එතැන තිබු බංකුව මතම වාඩි විය. අනේ... දෙයියනේ මගේ දරුවා..... ප්‍රර්ථනාගේ මව සිහිසුන් නැතිව ඇද වැටිණි. පවන් ඇයව ඔසවා බංකුව උඩින් වාඩි කළේය. අසල සිටි හෙදියන් ඇයට ප්‍රතිකාර කළේය. මේ වන විටත් පවන්ගේ ගෙදර අයද නුවර මහ රෝහල වෙත පැමිණෙමින් සිටියේය.

පවන්... පවන්ට කිසිවෙකු කතා කරන ශබ්දයක් ඇසිනි. ඒ ප්‍රර්ථනාගේ සේයාවක් වැනිය මධ්‍යම රාත්‍රිය පසු වි වැඩි වෙලාවක් ගත නොවන හෙයින් ඉස්පිරිතාලයේද කිසිවෙකු නොවිය. හෙදියන් ප්‍රර්ථනා‍ගේ මව ද රැගෙන ගියේය. පවන් අසල තිබු බංකුව මතම වාඩි වි සිටියේය.

පවන්..... මගේ දරුවව අතරමන් කරන්න එපා පවන්...
පවන් මගේ දරුවා.... පවන්ට සියුම් ශබ්දයකින් මෙය ඇසිනි. පවන් බංකුවෙන් නැගිට අවට බැලිය එහෙත් කිසිවෙකු නොවිය. පවන්ට කිසිවක් සිතා ගැනිමට නොහැකි විය.


කෙලෙස අමතක කරන්නද මතක වස්තුන් මගේ හදෙහි ඇවිලෙන,
මගේ හද ගැස්ම ගමන් ගත්තේ නුඹේ හද ගැස්මේ ශබ්දයට ද?
මගේ ජිවිතේ...
පාළුයි නුඹේන් තොරව..
එන්න ළගට..


පවන්ට  එවිට මතක් වුයේ දරුවාය.. පවන් තමන්ගේ දරුවා ළගට දිව ගියේය. එවිට දැක ගත හැකි වුයේ. අහිංසක කොලු පැටියෙකුගේ ලස්සන මුහුණයි.  හෙදියක් දරුවාව නලවමින් සිටියේය. පවන් දුටු විට ඇය එතනින් නික්මිය.

සර්... මම එළියට යනවා... උදව්වක් ඕනි උනොත් එහා පැත්තේ තියෙනවා අපේ රුම් එක එකේ කට්ටිය ඉන්නවා එයාලට කතා කරන්න. ගොඩක් ස්තුතියි මිසි... පවන් කිවේ එපමණය.

පුතේ දැන් ඉතින් අවමගුල් කටයුතු ටිකත් ඉවරයිනේ අපි කොළඹ ගියා නම් හොදයිනේද? අනික මේ දරුවා කොහොමද පුතේ තනියම ඔයා හදා ගන්නේ අපි කොළඹ යමු. අපිට කවුරු හරි වැඩට හොයා ගන්න පුළුවන් නේ? පවන්ගේ මව පවන් ඇමතීය.

බෑ... අම්මේ, මමයි දරුවයි නුවර ජිවත් වෙනවා... ප්‍රර්ථනා හැමදාම කැමති වුනේ දරුපැටියා නුවර ජිවත් වෙනවට.. අම්මට පුළුවන් නම් මගේ දරුවා බලා ගන්න හොද කෙනෙක් මට හොයලා එවන්න. මම මෙහෙන් කවුරු හරි හොයා ගන්න ටිකක් උත්සාහා කරලා බලන්නම්. අනික ප්‍රර්ථනාගේ අම්මා තනියම දාලා යන්න පුළුවන්ද?

මම දන්නේ නෑ පුතේ... ඔයාට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න. මම වැඩට කෙනෙක් එවන් නම්.. නංගිටත් ෆයිනල් එක් සැම් එකට සතියයි. මේ ටිකේම වැඩ තිබුණ නිසා එයාටත් කිසිම දෙයක් කර ගන්න බැරි වුණා. එහෙනම් අපි ගිහින් එන්නම්... පුතේ පුළුවන් වෙලාවක ඇවිත් යන්න එන්න, අයියේ අපි ගිහින් එන්නම්...

පුතේ.... පවන්ගේ මව පවන්ට කතා කළේය. ඇයි අම්මේ, පුතේ අප්පච්චි.... කාර් එකේ.... එයා තාමත් එයා මේ ගැන තරහින් ඉන්නේ...මට ඔය මනුස්සයා එක්ක මොනවා කියලා කතා කරන්නද අම්මේ... අඩුම තරමේ ප්‍රර්ථනා මැරුණා කියලවත් ඔය මනුස්සයගේ හිත උණුවෙන්නේ නැද්ද? අම්මේ... අනික මටයි මගේ දරුවට එයාගේ සල්ලි වලින් ඇති වැඩක් නැහැ... ක්‍රෙඩිට් කාඩ් පිරෙවුවට වැඩක් නෑ අ‍ම්මේ...... මනුස්සකමක් නැත්තම්, මට මගේ දරුවට ක්‍රෙඩිට් කාඩ් පුරවන අප්පචිකෙනෙක් වෙන්න ඕනි නෑ...  පවන් හිතේ තිබු වේදනාවට කියවගෙන ගියේය. පවන්ගේ මවටද කිසිවක් කියා ගැනිමට නොහැකි විය. ඒ පවන් නිවැරදි නිසාය. කිසිම දරුවකු තම පියාගෙන් මුදල් පමණක් බලාපොරොත්තු නොවේ ඔවුන්ට පිය සෙනෙහසද අවශ්‍යය එහෙත් කුඩා කළ සිටම ඔවුන්ට පිය සෙනෙහසක් නොමැති විය. මුදල් පසු පස හමායන ඇමරිකන් ජනයාගේ මුදල් කොළයක් ගණනටම ඔහුද වැටි තිබු නිසාය.

දින කිහිපයකට පෙර සාගර කිසි දිනක නුදුටු සිහිනයක් දුටුවේ කිමද යන්න සාගරට තවමත් සිතා ගැනිමට නොහැක... එහෙත් ඔහුට ප්‍රර්ථනාව වෙනදාටත් වඩා නිරන්තරයෙන් මතක් විය. ප්‍රර්ථනාට දරුවෙකු ලැබෙන්නට සිටින බව පෙර දිනයක කල්පානා මුණ ගැසුණු විට කිවේය. ඔහුට ප්‍රර්ථනා පිළිබදව කිසියම් හෝ තොරතුරක් දැන ගැනිමටද සිටි එකම පුද්ගලයාද කල්පනා පමණි. අකමැත්තකින් වුවාත් වැලළු අතිතය නැවත අවුසා දැමිමට සාගරට සිදු වුයේ. එදින රාත්‍රියේ රිය අනතුරකින් ප්‍රර්ථනා මිය යනු දුටු නිසාය. ඇය ගැන කිසියම් හෝ සුබ තොරතුරක් බලා පොරොත්තුවෙන් සාගර කල්පනා මුණ ගැසිමට ගියේය.

කල්පනා මැඩම්.... ඉන්න.. මහත්තයා මම නෝනට කතා කරන්නම්. නිවසේ සිටි මෙහෙකාරිය සාගරව අමතා නැවතත් ගෙතුලට ගියේ කල්පනාට අමුත්තෙකු ඇවිත් බව සදහන් කිරිමටය. ලොකු නෝනා... කල්පනා නෝනව හම්බුවෙන්න මහත්තයෙක් ඇවිත් කල්පනා බාත් රූම් එකේ, හරි මම ගිහින් බලන්නම්... උඹ කල්පනාට කියපන් කෝ කවුද ඇවිත් කියලා.
හොදයි ලොකු නෝනා මම කියන්නම්... මෙහෙකාරිය කල්පනාට පණිවිඩය දීමට ගියේය. ගයාන්ගේ මව ඇවිත් සිටින්නේ කවුරුද යන්න විමසිමට ගියේය.

ඇන්ට්... කල්පනා,
එන්න දරුවෝ ඇතුළට කල්පනා බාත් රූම් එකේ මම කිව්වා.. දැන් එනවා ඇති. මේ ළමයා....
මම සාගර... ප්‍රර්ථනාලගේ ගමේ තමයි මාත් ඉස්සර හිටියේ.. ආ... එහෙමද? එන්න ළමයෝ ඉද ගත්තනම්.. සාගර අසල තිබු සැටලිමෙහි වාඩි විය. මේ දරුවා මොනවද කරන්නේ.. මම රුහුණු විශ්ව විද්‍යාලේ ලෙක්ච කෙනෙක් ඇන්ටි...ආ.. එහෙමද? මේ දරුවා නැවතිලා ඉන්නේ මේ ළග පාතකද? සෑම දෙයක් ගැනම හාර අවුස්නට විය සාගර කෙන්තියෙන් සිටියත් එය හැගෙව්වේ නැත...

සාගර... ඔයා... කල්පනා තෙත කොන්ඩය පිස දමමින් සාගර සිටි ස්ථානයට පැමිණියේය. මොකද මේ ලොකු මහත්තයාට අපිව මතක් වෙලා... කල්පනා සිනහසෙමින් ඇසුවේය. අම්මේ මේ ඉන්නේ සාගර අපේ ගමේ ඉන්න අපිත් එක්ක එකට ඉගෙන ගත්ත මගේ හොදම යාළුවෙක්...

මම මේ දරුවට බොන්න මොනවා හරි අරන් එන්නම්...  ගයාන්ගේ මව ඔවුන්ට කතා කිරිමට ඉඩ සලස්සා එතැනින් ගියේය. අපෝ කල්පනා... සිඅයිඩි එකට අහුවුණා වගේ නේ.... සාගරේ කතාවට කල්පනාට සිනහ ගියේය. මොකද බං ඒ කතාවේ තේරුම... ඇයි අපේ නැන්දම්මා වාතයක් වුණාද?වාතයක්දත් අහනවා මෙයා.... මටත් නැති ප්‍රශ්ණනේ කල්පනා එයාට තියෙන්නේ. සාගරද සිනහසෙමින් කිවේය. හරි හරි... දැන් කියන්නකෝ මොකද මේ කවදාවත් නැතිව අපිව බලන්න මතක් වුනේ. නෑ.. කල්පනා මම මේ ළගකට ආව ගමන් මේ... ආවේ. ආ.... එහෙමද? ඉතින් ඉතින් කොහොමද ජිවිතේ... වරදක් නෑ කල්පනා... ඉතින් කොහොමද ඔයාට... කෝ ගයාන් ... එයා වැඩ ගිහින් සාගර... එයාව අල්ලන්න දැල් දාන්න ඕනි.... කල්පනා සිනහසෙමින් කිවේය. මේ... කල්පනා.. ප්‍රර්ථනා ගැන ආරංචියක් නැද්ද? ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට.. අනේ මේ සාගර... තවමත් ඔයා ඔයාව රවට්ට ගන්නවද? ඔයා නම් සාගර එදා වගේම තමයි. ඉස්සර ප්‍රර්ථනාත් ඔය වගේමයි පොල් කිච්චිවගේ ඉදගෙන කරන්නෙම පිස්සු විකාර වැඩ ඔයා දන්නවද දවසක් වෙච්චි වැඩක්...දවසක් ඔයා ප්‍රර්ථනාව ත්‍රිවිල් එකක ගෙදර එවලා ඔයා කැම්පස් එකට ගියා කියලා කෙල්ල හිටියේ හරිම කෙන්තියෙන්... ඊට පස්සේ දවසේ ඔයා ගෙදර ආවහම එයා හොද නාඩගමක් නැටුවා නේද? කල්පනා සිහහවෙමින් කිවේය. හ්ම්..... සාගර කල්පනාට පිළිතුරු දුන්නේය. ඔයත් දන්නවා එහෙනම්... එදා මාත් එක්ක කතා කලෙත් නෑ.. ප්‍රර්ථනා.... හොදටම කෙන්ති ගිහින් හිටියේ.එදා හවස මම ප්‍රර්ථනාලගේ දිහාවේ ගියාම කෙල්ල හිටියේ පුපුර පුපුර තමයි සාගර...

ටික වෙලාවක් යද්දි කල්පනාගේ හිතේ ප්‍රර්ථනාට තිබුණ බය ගියා. කල්පනාත් හාර හාර ඇහුවේ සාගර ගැන... ප්‍රර්ථනා නම් සාගර ගැන කෙන්තියෙන්මයි හිටියේ. ප්‍රර්ථනා ඕනිවට එපාවට වගේ උත්තර දුන්නා.

මේ... ප්‍රර්ථානා.....
හ්ම්.....
හරි... හරි... දැන් ඉතින් සාගර උඹගෙන් සමාව ඉල්ලුවනේ...
ඉතින්....
මේ.... ඉතින්.... මොකද වුනේ කියනවකෝ,
මොකද?
හරි... එයා ඔන්න ඉතින් ආවා...
ඔව්.. ආවා
ඇවිත්....
ඇවිත් ගියේ....
කල්පනා කෙන්තියේ නම් අඩුවක් දැකීමට නොහැකි බව කල්පනාට තේරුම් ගියේය.

ඔය ලැජ්ජවෙලා...
ඒ මොකෝ... බං ඒ.....
මම මුණවත් බැලුවේ නෑ....
බොරු..... කල්පනා සමච්චලයටමෙන් ඇසීය.
බොරු නෙමෙයි, මම බැලුවේ නෑ....
පවු හලෝ... ඇයි එහෙම කළේ...
විකාර..... මං එපා කියලා කෙනෙක්ව ලේසියෙන් අත අරින්නෙත් නෑ....
හැබයි එහෙම අත ඇරියොත් ලෙසියෙන් ජිවිතේට ගෙන්න ගන්නෙත් නෑ..
ඔච්චර දරුණු වෙන්න එපා ප්‍රර්ථනා
මම වෙනදා මෙහෙම නෑ.....
එක තමයි මේ මාත් කියන්නේ.... ඇයි එහෙනම් මේ දැන්
මම දැන් එයාගේ මේ වැඩ එපා වෙලා,
හැටි විතරක් රැවුලත් වවාගෙන
ආ.... කල්පනා පුදුමයෙන් මෙන් ප්‍රර්ථනාගේ මුහුණ දෙස බැලිය.
ඇයි?
මුණවත් බැලුවේ නෑ කිව්වා නේද?
ඔව්... බැලුවේ නෑ තමයි
එත කොට රැවුල තිබුනේ බයිසිකලේ කණ්ණාඩියේද? කල්පනා කියු කතාවට දෙන්නටම හොදටම හිනා ගියා. සාගරගේ මේ හැසිරිම් නිසා ප්‍රර්ථනා කෙහොමත් හිටියේ දුකෙන් මේ ජිවිතේ දි දුර තිබුණත් දුක ලග තිබුණත් දුක ආදරය කියලා ප්‍රර්ථනාට හිතුණා.
මං එයාට ආදරේ නෑ.... කල්පනා
අයෙත් කියන්න බලන්න,
මං එයාට ආදරේ නෑ...
ආයෙත් පාරක් මං දිහා බලාගෙනම කියන්න කෝ...
මම....
මේ... මේ...මේ... මං ඉන්නේ මෙහේ... මගේ ඇස් දිහා බලන් කියන්න,
මං එ..යා...ට ආ..ද‍..රේ... ප්‍රර්ථනාට එතැනින් එහාට කිසිවක් කියා ගැනිමට නොහැකි විය. ඇය කල්පනාගේ දෑස් වලින් මිදි අනෙක් පස බලා ගත්තේය.
කල්පනාට ප්‍රර්ථනාගේ මේ හැසිරිම දැක සිනහ ගියේය.
මොකද... කල්පනා
අදරේ නෑ.. නේ?
ඔව්...
අනේ මේ... ප්‍රර්ථනා විකාර කියවන්නේ නැතිව ඉන්නවා... ආදරේ නෑ... කල්පනා ප්‍රර්ථනාගේ එම වචනය සමච්චලයට ගෙන කතා කළේය.



ඔබගේ ජිවිතය....
මගේ ජිවිතයයි.....
මට බැහැ ජිවත් වෙන්න නුඹ නොමැති එක මොහොතක්වත්...


දරුවෝ.... මේ තේ නිවෙනවා ඇවිත් බිව්වනම් නරකද? මිදුලේ තිබු බංකුව මත වාඩි වී කතා කරමින් සිටි සාගරටත්.. කල්පනාටත් කතා කළේය. යමු සාගර... තේ ටිකක් බොන්න... කල්පනා බංකුවෙන් නැගිට සාගරටද කතා කළේය.

Wednesday, August 17, 2011

| සංකල්පනය සීතිකෘතයි |




මට විශ්වාසයි අපි හමුවු සමහර ස්ථානයන්,
ඔබගේ ජිවිතයේ ද එසේම මතකයේ ඇති...
ඔබගේ ජිවිතය....
මගේ ජිවිතයයි.....
මට බැහැ ජිවත් වෙන්න නුඹ නොමැති එක මොහොතක්වත්...
කොතැන ද අන්ධකාරය පැතුරුනේ
එතැන නොවේ...
මගේ ගමනාන්තය නුඹයි..
මට ජිවත් වෙන්නත් අවශ්‍යයි... මිය යන්නත් අවශ්‍යයි..
කිසිවක් කිරිමටත් අවශ්‍යයි,
අපගේ ආදර කතාව
අනාගතයේ දී අමරණියයි.
ඔබගේ ජිවිතය....
මගේ ජිවිතයයි.....
මට බැහැ ජිවත් වෙන්න නුඹ නොමැති එක මොහොතක්වත්...
අද අප සතුව ඇති සංකල්පනය සීතිකෘතයි,
කාලගුණය වෙනස් වී ඇස් තෙත් කරනවා...
දෛවය ඇයි අපට දඩුවම් කරන්නේ...
හැම දෙයක්ම ලස්සන නෑ...
කාලගුණය සීතිකෘතයි...
වේදනාවෙන් හෝ එයට දඩුවම කර,
අපට එය නතර කළ හැකිය...
මට විශ්වාසයි අපි හමුවු සමහර ස්ථානයන්,
ඔබගේ ජිවිතයේ ද එසේම මතකයේ ඇති.....
ඔබගේ ජිවිතය....
මගේ ජිවිතයයි.....
මට බැහැ ජිවත් වෙන්න නුඹ නොමැති එක මොහොතක්වත්...

Twitter Bird Gadget