Powered By Blogger

Thursday, December 22, 2011

ලිහිණි පියාපත් - ලිහිණි ආදරයේ විරහා ගීතය


සීත දුරුත්තේ...
ලිහිණි පියාපත් ඔස්සේ...
නුඹේ ජිවිතේ ලැගුම් ගන්නට වෙර දරනා ඈ.....
මගේ ආදරයේ තවත් එක් විරහා ගිතයයි.

 

සුදු සියේ මම යනවා... සුදු සියට කෑම බෙදලා ඇත්තේ... 

ලිහිණි හැකි ඉක්මණින් ප්‍රධාන විදිය දෙසට පැමිණියේ...  කවුරුන් හෝ තමන් එන තුරු පෙර මග බලා ඉන්න බව දැන දැනය.. දිව්‍යා ලිහිණි එනතුරු පෙර මග බලා සිටියේ කෙන්තියෙනි..  ලිහිණි ඇතට සිටම කන් දෙක අල්ලා ගෙන දිව්‍යා වෙත පැමිණියේය.. 

සොරි දිව්‍යා... 

සොරි... මට කියපන් ලිහිණි උඹ කවද්ද වෙලාවට ආවේ කියලා... ඇත්තටම බං උඹට වෙලාවට වැඩක් කරන්න තේරෙන්නෙම නැද්ද? අදත් පස්සට ඉර වැටෙනකම් රාජ කුමාරයගේ හිනේ දැක්කද.. දිව්‍යා මදක් සිනාසෙමින් ඇසුවේය.

ලිහිණි අනෙක් පස බලා සිනහ වෙන්නට විය... දෙයියනේ ලිහිණී කවදා වෙනකම් උඹ ඔහොම සිහින බලන්නද.. අනික උඹ තාම හිතන් ඉන්නේ පොඩි එකියක් කියලද.... 

අනේ මේ දිව්‍යා කරුණා කරලා උඹේ ඔය දේසනාව නවත්ත ගන්නවද? හැමදාම එකම ලෙක්චර් එක මට දැන් ඕක තිත්ත වෙලා... ඇත්තටම වෙන දෙයක් ඇත්තෙම නැද්ද උඹට කතා කරන්න... ලිහිණි සහ දිව්‍යා මග දිගට රණ්ඩු කරමින් ඉදිරියට ගියේය..

මේ ලිහිණි ඔයා ඔහොම ඉන්න.. මම මල් අරන් එන්නම්... යනින් ගමන් දේවලේට ගිහින් යමු. ලිහිණි හිස වැනිය. දිව්‍යා ඉදිරි පස තිබු මල් කඩය වෙත දිව ගියේය. වට පිට අදුරන කිසිවෙකු නොවිය. ලිහිණි සෙමින් පිය නගමින් ඉදිරියට ගියේය..

මේ.. මේ පිස්සු කෙල්ල ... අපෝ මේ කොහේද යන්නේ.. එයි... අයින් වෙනවා හලෝ.. 

පිටු පසින් බයිසි කලයකින් ආ.. තරුණයකු කැගසන්නට විය. මේ ඇන්ටි ඔයාට කිව්වේ.. අයින්ට වෙන්න... ලිහිණි පිටු පස බලනවාත් සමග ඒ බයිසිකල්කාරය ලිහිණි ඉදිරියේ නතර විය. ලිහිණි ඇද සිටි සල්වාරියේ ෂොල් පට බයිසිකල් තරුණයාගේ ඉදිපර රෝදයේ පැටලුනේ අහම්බෙන් හමා ගිය සුළගත් සමගය.. 

ඔහොමද හලෝ පාරේ යන්නේ... බයිසිකලෙන් ආ තරුණයා ඇසිය.. ලිහිණිට කිසිවක් හිතා ගන්නට බැරි විය. ලිහිණි අතේ සම්පුර්ණ වැරද්ද බව ඇය දැන සිටියාය. දිව්‍යා සමගද ගමන් ගන්නා බොහෝ අවස්ථාවල දිව්‍යා ලිහිණිගේ අතින් අද පාරේ අයිනට දමයි. ඇය සෑම විට කියන්නේ ... ඇයි බං උඹට පාරේ යන්නත් දැන් ටිවුෂන් දෙන්න වෙලාද... 

ඇය හිස ඔසවා..... තරුණයා දෙස බැලිය.. මේ හලෝ... තමන් කවුරු කියලද හිතන් ඉන්නේ.. හිතුවද මේ බෙන්ස් එකකින් බැහැලා ආවා කියලා.. එනවා මෙතන මෝඩයා..  

තරුණයා ලිහිණිගේ මුහුණ දෙසම බලා සිටියේ උන්හිටි තැන පවා අමතක වුවෙකු ලෙසිනි.. ඒ මිස්ටර් මේ ඔයාට කතා කරන්නේ.. කාගෙන්ද ලයිසන් ගත්තේ... 

තාම ලයිසන් නෑ...  ඇවිල්ලා හැප්පුවා මදිවට ලයිසනුත් නෑ නේද? ඒ වුණාට කතා කරන්නේ හරියට බෙන්ස් කාර් එකකින් බැහැලා ආව වගේ නේ...   තරුණයා කිසිවක් නොකියා ලිහිණිගේ මුහුණ දෙසම බලා සිටින්නට විය.

ලිහිණි කියවන්නට පටන් ගත්තට පස්සේ ඉමක් කොනක් නැත... ඒ ඇයගේ පුරුද්දය.. නාදුනන පුද්ගලයකු උවත් ඇය කතා කරන්නේ මිට පෙර තමන් මුණ ගැසි අති අතිජාත මිත්‍රයන් ලෙසට ..  

අනිත් දවසේ බයික් එකට බ්රෙක් හයිකරන්න එනවා මතක් කරලා... තේරුණාද ?  තරුණයා හිස සැලිය..  දිව්‍යා මෙවුන් දෙදෙනා අතර බහින් බස් විම දැක.. දිව ආවේය. මොකද ලිහිණි මොකද වුනේ...  දිව්‍යා ලිහිණි දෙසට ආවේය. 

නැ... දිව්‍යා මේ... පිස්සෙක්.. ඔවුන් දෙදෙනා ඉදිරියට යන්න විය... මොකද බං මහා පාරේ බෙරිහන් දෙන්නේ.. මිනිස්සුත් බලන් ඉන්නවා ලිහිණි..

තරුණයාට සිදුවු කිසිවක් හිතා ගැනිමට නොහැකිය.. ලිහිණි යන දෙස ඔහු ඇහිපිය නොසෙලා බලන් සිටියේය.. ලිහිණි... ලිහිණි.... ලිහිණි... තරුණයා ලිහිණිගේ නම කිහිප සැරක් කියවන්නට විය.. පිටු පසින් පැමිණි බස් රථයේ නලා හඩට ඔහු සිහින ලොවින් නැගිට අති තිබු ඔරලොසුවේ වෙලාව බැලිය. 

අද ඉදලා ඉවරයි... 9.45 වෙලා.. ඔෆිස් එකට ගියේ නැත්තම් තාත්තා මගේ ඔලුව කයි... තරුණයා ඉදිරියේ පිහිටි වංගුවෙන් දකුණට හැරි ගියේය..

Twitter Bird Gadget