Powered By Blogger

Thursday, March 24, 2011

ජිවිතේ තනුව...........

 

නුඹ ගැබ්බර ක්ෂිතිජ ඉම
පුන් සද සයුරු තෙර
නොවුනාට කවදාවත්ම මට............
ආඩම්බර පාන නුඔ විටෙක
සිනාසෙන ලස්සන.......
සෙනෙහස හගවන
හොරෙන් දුක සතුට විදින
ආදරේ නාමයෙන් සොදුරුතම
මල් වැස්ස වුණා........
මුලකුරේ අරුත් බර
කදුලු වලින් පිපී
අමිල මලක් වුණ
සමකල නොහැකි වු
හැමදාටම නුඹ මගේ
ජිවිතයේ තනුවමය...........

තාරකාවී.............


 

මම හිනාවෙනවා
ඒ මට අඩන්න බැරි හින්දා නෙමෙයි
ඇඩුවොත් නවත්ත ගන්න බැරි හින්දා
මම බලන් ඉන්නවා...........
ඒ ඔයා එවි කියලා නෙමෙයි
ඒ ඔයාව දකින්න ලැබෙයි කියලා.....
මම බලාපොරොත්තු  තියා ගන්නා
ඒ ඔයා ගැන නෙමෙයි
ඔය හිත මගෙයි කියලා.........
මම ඔයා දිහා බලන් ඉන්නවා
ඒ ඔයා පොඩ්ඩක් හරි බලයි කියා
මම ජිවත් වෙනවා
ඒ මට මැරෙන්න බැරි හින්දා නෙමෙයි
මැරුණොත් මට ඔයා නැතිවෙයි කියලා
මට හිතා ගන්න බැහැ
මගෙ හිත ඔයා ගැන
ආදරයක් ඇති වුනේ කොහොමද කියලා...........
මම දෙවියන්ගෙන් යදිනවා
ඒ ඔයාව නෙමෙයි
ඔයාට කිසිම කරදරයක් නොවෙන්න කියලා...........
ඒත් මට ගොඩක් දුකයි
ඒ මට ඔයා ලැබෙන්නේ නැති නිසා නෙමෙයි......
මම දැන් වෙන කෙනෙකුට අයිතිවෙලා නිසා.....



Twitter Bird Gadget