Powered By Blogger

Tuesday, June 7, 2011

කීවා සුළග මට කීවා........... (දෙවන සටහන)


ඔයාගේ යාළුවා වෙඩින් කාඩ් බෙදුවා කියලා ඔයා කලබල වෙලා බදින්න කෙනෙක් හොයාගන්න ඕනි නෑ......

ආදරයත් 
හදවතක් දෙන්න නම්
ඒ හදවත තුළ
තෙතමනයක්....
රස්නයක්.. මිනිස්කමක්
නිහතමානීකමක් 
තියෙන්නම ඕනා......




මට හොද අය හම්බ වෙලා තියෙනවා. ඒත් ගොඩක් හොද අය හම්බවෙලා නෑ.... මට ආදරේ අය හම්බ වෙලා තියෙනවා. එත් මට පපුව පැලෙන්න ආදරේ කරන අය හම්බවෙලා නෑ... මට හිතවත් අය හම්බවෙලත් නෑ... මගෙන් කෑවද කියලා අහන අය හම්බ වෙනවා. එත් එන්න බත් ටිකක් කන්න කියලා වේලක් කන්න දෙන අය හම්බ වෙලා නෑ.... ඔයාලටත් මෙහෙම හිතෙනවා ඇති කියලා මම හිතනවා.... ඔව් ඇත්තත් ඒකම වෙන්න ඇති... මේකත් හොදට අහගන්න එහෙනම්.....ලස්සනටම හද පායන්නේ මැදියම් රෑට... ශාන්තිය වැඩිම සාදු කියවෙන්නේ පිරිත් අහවර වෙන වෙලාවට ...... චිත්‍රපටයක ලස්සනම දර්ශන ටික තියෙන්නේ කෙළවරම... ජිවිතේ උනත් තිරේ ඇරිය ගමන් ලයිට්, සින්දු, ලව් බලාපොරොත්තු වෙන්න එපා... හම්බවෙන අයගෙන් ආදරේ හිතවත් කම හිගා කන්න යන්නත් එපා... මොකද මමත් එහෙම කලා... එත් ඒක කවදාවත් සාර්ථක හිතවත් කමක්, ආදරයක් වුනේ නෑ.... ටිකක් ඉවසිල්ලේ සැනසිල්ලේ ඉන්න... ජිවිතය නරඹන්න... වටේ ඉන්න අය පැල් බැදගෙන ආදරේ කරපුදෙන්..... සතුටු වෙද්දෙන්... එත් ඔයා කලබල වෙන්න එපා... අනුන්ගේ සතුටකින් ඔයාට චුන් වෙන්නට බෑ... කව්රුත් කරන ආදරයකින් ඔයාට බලාපොරොත්තු තියාගන්න බෑ... ඔයාගේ යාළුවා වෙඩින් කාඩ් බෙදුවා කියලා ඔයා කලබල වෙලා බදින්න කෙනෙක් හොයාගන්න ඕනි නෑ..... හිමි හිට ඉන්න ඔයා හදිස්සියේ කලබලේ කෙනෙක්ව හොයාගත්තා කියමු. එතකොට සේරම හරිද... නෑ ජිවිතේ කවදාවත් හදිස්සියේ කලබලේ බැදිම් ඇති කර ගන්න බැහැ... අත්දැකිමෙන්ද කියන්නේ කියලා හිතනවා ඇති නේ ඔව් අත් දැකිමෙන් තමයි කියන්නේ......

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහිද ඔය හිත මිස
පෙම් බස් හුගක් රසට මුමුණන්නද
මා........
හිත ගිය තැනක සදහටම ඉන්නද
ලස්සන හිතක් කොහිද ඔය හිත මිස
හිත් නැති සිතක් කෙලෙස හමුවන්ද
මා.... හා....
Twitter Bird Gadget