Powered By Blogger

Monday, March 7, 2011

සිතුවිලි දැහැන......


 


මම......
එක පාරක් හිනා වෙනකොට
තව කෙනෙක් අඩනවා ඇති
මම එක රැයක් නිදාගන්න කොට
තව කෙනෙක් මුලු රැයම අවදියෙන් ඇති
මම එක වරක් බඩ පුරව ගන්න කොට
තව කෙනෙක් බඩ ගින්නේ ඇති
මම එක් කෙනෙකුට ආදරේ කරන කොට
තව කෙනෙක් මට වෛර කරනවා ඇති,
ඇයි ‍‍මේ ලෝකය ඒ වගේ උනේ
හැම කෙනෙකුටම හැම දෙයක්ම
සමසේ බෙදුනේ නැත්තේ ඇයි ?
වෙලාවකට හිතේනවා.........
ජිවිතය කියන්නේ කතා පොතක්ද කියලා
ඒක පිළිවෙලකට කියවන කෙනෙකුට
තේරුම් ගන්න ලේසියි.....
හැබැයි තැනින් තැන කියවන කෙනෙකුට.....
තේරුම් ගන්න අමාරුයි
ඒ පොත කියවන කෙනා...............
හැම පිටුවක්
හැම ‍ජේදයක් අවසානයේ ඒ දේවල් තේරැම් ගන්නවා,

අනේ මටත් ඒ පොත පිළිවෙලට කියවන්න දෙනවනම්.......
Twitter Bird Gadget