Powered By Blogger

Tuesday, January 10, 2012

දෙවි බඹ සේනාවෝ නමස්කාර පාඨයට අරුත් දුන් අයුරු....

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති එකයි තවමත් සංසාරේ.....

 


සාතාගිරි යකුන් නමෝ ගුණයට වදින ලද අයුරු......

අපා දොර වැසුව සම්බුදු ගුණය කියා
න යන පදය ගොනු කරමින් දහම නියා
මෝ යන පදෙන් නිවණේ ඇති හරය කියා
සතාගිරි යකුන් වැන්දා නමෝ කියා


රාහු අසුරිදු තස්ස ගුණයට වදින ලද අයුරු.......

තන්හා බරිත සිතුවිලි හැම දුරලුව
සත්‍ය වචනයෙන් තුන්ලොව සැනසුව
තස්ස යන පදෙන් ඒ බුදු ගුණ කීව
අසුරිදු රාහු වැන්දා සිරිපද ගාව


සතර වරම් දෙවිවරු භගවතෝ ගුණයට වදින අයුරු......

නුවණින් අග්‍රවු ගුණයට සිත රන්දා
දන් පිදුමට සුදුසු ගුණයට හිත බන්දා
දුරලු නිසා කෙලෙසුන් මර බල සින්දා
භගවතෝ ගුණෙන් සිව් දෙවි බුදු පා වැන්දා


සක්‍ර දෙවිදුන් අරහතෝ ගුණයට වදින ලද අයුරු.......

භව චක්‍රෙයහි අරයන් සන්සිදින ලද
බුදු බව ලබා සිවු සස් දම් දෙසන ලද
සක් දෙවිදුන් බුදුන් ගුණ කද සිතන ලද
අරහතෝ කියා වැන්දා සම්බුදු පාද


මහා බ්‍රහ්මයා සම්මා සම්බුද්ධස්ස ගුණයට වදින ලද අයුරු......

නිමා කරන්නට සසරෙහි සියලු දොසා
සම්මා බුදුන් ගුණ මහබඹු දුටුව නිසා
සම්මා සම්බුද්ධස්ස ගුණ කද ඇතුව තොසා
නම්මා සිරස වැන්දා බඹු සතුට නිසා


ආත්තම්මගේ ළග තිබුණ පිරිත් කවි කොළයක තමයි මේක තිබුනේ.... ආත්තම්මා දැන් මේක කියවනවා ඇහුණා ඉතින් පුංචි පරණ සිද්ධියක් මක් වුණා... පස්සේ හිතුවා මේක මානස විලට ලියලා පොස්ට් කරන්න... මමත් අද තමයි දැන ගත්තේ ඉතින් හිතුවා ඔයාලටත් කියලා දෙන්න... මොකද ධර්ම දානය තමයි මේ ලෝකේ තියෙන ලොකුම දානය... @ මේක ලියපු කෙනෙක් ගැන කිසිම සදහනක් නම් තිබුනේ නෑ...

Twitter Bird Gadget