Powered By Blogger

Sunday, July 31, 2011

|ශකුවිගේ පාරමිතාව|

ආදරයේ පරාජිත දුටු සතුටු මල......



නියගය දැඩිය. අවසාන වැස්ස ඇද හැලුනේ මිට දෙසතියකට පමණ කලිනි. ගිණියම් හිරු රුස පොළොවෙහි සියලු තෙත අරගෙන ගොසිනි. ගස් මළානිකය. වතුර බිංදුවක් ලැබෙන තුරු අතු ඉති අකුලාගෙන ගස් වැල් බලා හිදි ඔබ දකින්නට පාරමී පුරන මා මෙන්ම ඒ ගස්ද අසරණය මට පිළිසරණක් විය යුතු යැයි මට සිතිණි. මම වතුර බාල්දි දෙකක් පුරවාගෙන මිදුලේ මල් ගස් ටික නැහැව්වෙමි. ඇන්තුරියම් ගස් ගොන්න බෝලිද්ද ගහ, ගාර්ඩිනියා ගහ බලා සිටියදි මෙන් ප්‍රාණවත් විය. නුවර පිච්ච වැලත් තවමත් වතුර ඉල්ලා බලා සිටි. මම තවත් වතුර බාල්දි දෙකක් පුරවාගෙන පිච්ච මල් වැල වෙත ගියෙමි. ඒ මල් වැල් දෙකට වතුර දැමු පසු එක් පනිට්ටුවක අඩක් පමණ වතුර ඉතුරු විය. මම ඒ වතුර ටික පෝච්චියක වු තද කොළ පාට කුඩා පදුරට දැමුවෙමි. එහි දිගු ඉත්තක පුංචි නිල්පාට මලක් පිපී තිබිණි.මම ඒ මල් ඉත්ත අතගා බැලිමි. හෙට හෝ අනිද්දා හෝ පිපෙන්නට තවත් පුංචි කැකුළු කිහිපයක්ද එහි තිබිණ.


"දුටු සතුටු මල්"

මේ මල් පදුර දුටු සතුටු මල් බව මට මතක් වුයේ අහම්බෙනි. දුටු සතුටු මල් මගේ මතකය හා බද්ධ වුණු සිදුවීම් රැසකි. කුරුවිට සුදගල වනාන්තරයේ ඇවිදිමින් සිටියදී මුල් වරට නෙත ගැටුණු දුටු සතුටු මල් ඉන් පසු තවත් වනගත ඉසව් කිපයකදීම මුණ ගැසිණි. දුටු විගස හිතට සතුට දෙන බව කීවත් වශි ගුරුකම් වලට මේ මල් ගන්නා බව කීවත් මට නම් දුටු සතුටු මල් එතරම් ලස්සන නොවේ. එහෙත් එහි නමට මසිතෙහි ඇත්තේ පුදුමාකාර ආදරයකි. වතුර ලැබිමෙන් දෙවන වරටත්  "විකසිත" වු දුටු සතුටු මල දෙස තව දුරටත් බලා හිදිමි. මේ මේ දුටු සතුටු මල් පැළය මට ගෙනවිත් දුන්නේ යුවතියකි. මා මෙලෙස දුටු සතුටු මල ගැන ලියන නිසා  මගේ සතුට ඇත්තේ දුටු සතුටු මල් ළග යැයි ඇය සිතන්නට ඇත. කෙසේ වෙතත් මම ඒ මල් පැළය ගෙනැවිත් සිටවුයෙමි. දැන් මල් පුබුදා ගෙන බලා හිදින්නේ අන්න ඒ දුටු සතුටු මලයි එහෙත් මගේ දුටු සතුටු මල යනු ඔබයි. ඔබ දැකුමෙන් තරම් අන් මොනවා දුටුවත් මගේ නෙතට සතුටක් නොමැත. ඒ නිසාම මගේ දුටු සතුටු මල යනු ඔබයි. එසේ නම් මා මෙලෙස සත්කාර කරන්නේ ඔබටය. ආදරය දක්වන්නේ ඔබටය. ඒ ආදරය රැගෙන ඔබ අද වෙනතක ගිය බව සැබවි.ඒත් මගේ ආදරය නම් සදාකල්හිම ඔබ සමගය. ඔබ පසු පසමය. දුටු සතුටු මලක මතක ඔස්සේද මා ඔබ වෙත එන්නේ අන්න ඒ නිසාය.


|මන්දාකීණිගේ මතක සටහන|


මං අහලා තියෙනවා ලස්සනට හද පායලා තියෙන කොට හද දිහා බලාගෙන හිතට ඇති වන සිතුවිලි කවියට නගන්න පුළුවන් කියලා.. ඒ වගේම අදත් ලස්සනට හද පායලා, හද දිහා මං මෙහෙම බලාගෙන ඉන්න හැම දවසකම මට ඔයාව මතක් වෙනවා...... ඇත්තටම මෙහෙම හද දිහා බලාගෙන මං හැමදාම ඔයා ගැන හිතුවා ඒ හැම මොහොතක මට ඔයා මගේ ළග ඉන්නවා කියලා මට දැනෙනවා..... ඒ වෙලාවට මං ඔයා ගැන කවි ලියන්න හැදුවත් මට කවදාවත් ඒ කවියේ නිමාවක් දකින්න බැරි වුණා, වෙලාවකට මට හිතෙනවා අපේ ආදරයත් ඒ වගේ කියලා නිමාවක් නැති කවියක් වගේ නේද? මම කැමති ඒ නිමාවක් නැති කවිය අදටත් මගේ හිතේ තියෙනවා වගේ...... ඔයාගේ මතකයත්, අපේ ආදරයත් හැමදාකම අපේ හිත්වල තියෙනවා නම්...




හිනෙන්වත් මා හිතුවේ නෑ...

ඔබ මට මෙතරම් ආදරේ කලා කියලා
ජිවිතේ හැම මොහොතකදීම ඔයා මගේ ළගින් සිටියා..
ඔව්... ඔබ මගෙයි
මගේ මතකය සිහිනය තුළ සිටින්නේ
ඔබ... පමණයි

ඔයා දන්නවද මට ඔයාව අමතක වන එක මෙහොතක් නෑ,

රැයේ නින්දට සැරසුනත්....
නින්ද මා දෙනෙත් වෙත ළගා විමට 
නුඹ අවස්ථාවක් ලබා දෙන්නේ නෑ...

ඔව්... ඔබ මගෙයි

මගේ මතකය සිහිනය තුළ සිටින්නේ
ඔබ... පමණයි

ඔබේ අනුකම්පාව... ආදරය මට ලැබුණ නිසා

මගේ දෙතෙල් වල සිහිනයක් මතු වුණා
මගේ ජිවිතේ ඒකා‍ලෝක කල
ගණ අදුරේ රිදී තාරකාවිය නුඹ නිසා...

ඔව්... ඔබ මගෙයි

මගේ මතකය සිහිනය තුළ සිටින්නේ
ඔබ... පමණයි
Twitter Bird Gadget