Powered By Blogger

Saturday, April 16, 2011

සිහින පාරමී - අවසාන කොටස


තමන් උගත් යැයි මා කොතරමි ඉහළින් සිටිමට වෙරදැරුවත් මා ඒ අවස්ථා‍වේ කටයුතු කර ඇත්තේ කිසිම අධ්‍යාපනයක් නැති පහත් මිනිසෙකු ලෙසිනි. අ‍නේ මා කොතරමි පවි කාරයෙක්ද ? මෙවැනි මල් විනාශ කරන අයට සාප ‍වේවායි යනුවෙන් මා පැතුවද දැන් එම සාපය මට ම හරවා ගත යුතු නො‍වේද ? ගිනි කන්දක් පුපුරා ඉන් ලොදිය ගලන්නා සේ ඔහුගේ හදවත පිළිස්සී යනු දැනෙන්නට විය.

හරි හරි දැන් ඉතින් බුමිමගෙන ඉන්න එපා. දැන් ඉතින් මොනවා වුණත් කමක් නෑ පුංචි හාමු ඒක මගේ වරදනේ ? මම ඒ වරද ජිවිතේටම විදගන්නමි පාරමී පැවසු‍වේ අහිංසක ලිලාවෙනි.

හංස පාරමී දෙස කල්පනාකාරිව බැලු‍වේය. හංසට අධිකව තරහා ගොස් ඇත් දැයි පාරමීට සිතෙන්නට විය.

මං කවදාවත් කාටවත් කියන්නේ නෑ පුංචි හාමු ‍මේක වුනේ පුංචි හාමුගෙන් කියලා. මං පුංචි හාමුගේ ගරුත්වය නැති කරන්නේ නෑ. ඔයාගේ ජිවිතේට මම බාධාවක් වෙන්න ආවොත් මට කියන්න මං ඔයාගේ දෑසට නොපෙනි කොහේ හරි යන්නමි. එහෙම නැත්නමි මගේ ජිවිතේ හරි විනාශ කර ගන්නමි පුංචි හාමු පාරමි හංසට වදිමින් පැවසු‍වාය.

පාරමිගේ ඒ වදන් වලින් ඔහුගේ හසවත විශාල බෝමිබයකට හසුවී කෑලි කෑලි වලට කැඩි යන්නා සේ දැනිණි. ඇය මට පිහියකින් ඇන්නා නමි ඇගේ වදන් වලින් තරමි මට ‍වේදනාවක් ඇති නොවෙනු ඇතයි ඔහුට සිතිනි.

අනේ දෙවියනේ ඇගේ අහිංසකකම කොතරමි ද? ‍‍ මෙවැනි අපරාධය කළේ මා ය. ඇයට ‍මේ ගැන කිසිම අවබෝධයක් නොතිබෙන්නට ඇත. එහෙත් සියලු වැරදි ඇය පිට පටවාගෙන මා ශුද්ධ වන්තයකු කරන්නට උත්සාහ කරන්නේ ඇය දෙවියකුට වඩා උතමි නිසා නො‍වේ ද?

පාරමි ඔයා අද ඉදන් මගෙයි හංස දැඩි ආදරයකින් යුතුව පැවසු‍වේ.

අද ඉදන් අපි දෙන්නෙක් නොවෙයි පාරමී එක්කෙනෙක් අද හෙටම මම ඔයාව රෙජිස්ටාර් කෙනෙක් ළගට ගෙනහිල්ලා විවාහ කර ගන්නව. එත කොට බය නැහැ නේ ? හංස පාරමි සනසමින් පැවසු‍වේය.

පාරමිගේ කදුලු හා ශෝකය පිරි මුහුණින් සතුට මතුවි හංස තව තවත් තුරුලු කර ගත්තාය. ඉන් පසු පාරමි හංසගේ හදවත පිහිටි පපුව ප්‍රදේශය සිඹගෙන සිඹගෙන ගියේය. ඔහුගේ හදවත රත්තරං යැයි අදහසින් විය හැකිය.

අනේ මගේ රත්තරං පාරමි මං ඔයාව කවදා හරි අමතක කළොත් වැඩි කල් නොගොස් ඔයාගේ මුහුණ ඉස්සරහම මම මැරිලා වැටෙන්න ඕන හංස පාරමිගේ ඔලුව අත ගාමින් පැවසු‍වේය.

ටක්... ටක්.... ටක්......

එවිට කාමරයෙහි දොරට තට්ටු කරන ශබිදය ඇසිය

පුතා........ නැගිටින්න දැන් දහයත් පහුවෙලා. මෙන්න ඔයාට කොල් එකක් අමිමාගේ සුපුරුදු නාදයත් සමගම මා අවදි විය.

පෙර දින රාත්‍රියේ  කාමරයේ ඇදට වී කියවු පොතෙහි සිටි චරිත සමග සිහින පාරමිතාවක සිටි බව මට වැටහිණි.

 

නිමි.
Twitter Bird Gadget