Powered By Blogger

Sunday, June 5, 2011

කීවා සුළග මට කීවා...........


ඔයාගේ යාළුවා වෙඩින් කාඩ් බෙදුවා කියලා ඔයා කලබල වෙලා බදින්න කෙනෙක් හොයාගන්න ඕනි නෑ......
ඔබ මගේ ප්‍රේමයේ අකාලික වු
අසීමිත වු.... අනුපමේය වු.....
අසංඛෙයිය වු..... අමරණිය වු.....
අමිල වත්කමයි......


වළාකුළු කප්පරක් අහසේ එකතු වෙන්නම වෙනවා, ඔයා හම්බවෙන්නෙම නැත්තම් මං හම්බවෙන කා එක්ක හරි යනවා, මට තවත් මේ පාළුව දරාගන්න බැහැ ඉවසනවා කියලා කොච්චර කල් ඉවසන්නද බලාපොරොත්තු කියලා මෙච්චර වේදනා කැපවිම් පපුව උඩ තියන් ඉන්න බැහැ.... ඔයා එහෙම හිතලා අතේ පැටලෙන කෙනෙක් එක්ක දුර ගමනක් යන්න යයි. හිතන්න ඔයා තෘප්තිමත් නෑ..... එයා එන්නේ ඔයාගේ දෛවය ඔයාව මවපු කෙනා එක්ක නෙමෙයි..... ඇත්තටම ඔයා පතපු කෙනා ඔයාව බලන්න ඇවිත් ඔයා නැහැයි කියලා දැනගත්තහම හැරිලා යනවා. සමහර විට එයාටත් දුක හිතිලා එයත් හම්බවෙන කෙනෙක් එක්ක මේ ගමන යයි. අන්තිමට ජිවිතේ මැදදී හීන පැතුම් ගිනි තියාගෙන ජීවි‍ත පව්වම විතරක් අරගෙන ඔබ පුරුදු පාළු ලෝකයට එනවා. ඒ ඇවිත් දෛවයට වද දෙනවා. දෙවියන්ට බනිනවා. ඒත් හිතන්න. වැරදි දෛවයද.... දෙවියන් එයාගේ යුතුකම් ඉටු කළා...... ඔයාට උනේ ඉවසන්න බැරි වුන එකද.......ජීවත් වෙන්න විශාල කාලයක් ආදරේ කරන්න ලස්සන දවස් කිහිපයක් අනාගතේ ඉතිරි වී තිබියදී ඔයා හදිසි වෙනවා.... හිතන්න......

නුවර යන්න කියලා පිටකොටුව ස්ටෑන්ඩ් එකට ඇවිත් නුවර බස් නැති වු උනාම තියෙන්නේ කතරගම බස් එකේ ඔයාල නගිනවා... අපි එහෙම කරනවද? එහෙම කලාම අපි කෙහෙටද යන්නේ.... අපිට ඕන තැනටද... ටිකක් හිතලා බලන්නකෝ......


හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහිද ඔය හිත මිස
පෙම් බස් හුගක් රසට මුමුණන්නද
මා........
හිත ගිය තැනක සදහටම ඉන්නද
ලස්සන හිතක් කොහිද ඔය හිත මිස
හිත් නැති සිතක් කෙලෙස හමුවන්ද
මා.... හා....


Twitter Bird Gadget