Powered By Blogger

Thursday, March 24, 2011

තාරකාවී.............


 

මම හිනාවෙනවා
ඒ මට අඩන්න බැරි හින්දා නෙමෙයි
ඇඩුවොත් නවත්ත ගන්න බැරි හින්දා
මම බලන් ඉන්නවා...........
ඒ ඔයා එවි කියලා නෙමෙයි
ඒ ඔයාව දකින්න ලැබෙයි කියලා.....
මම බලාපොරොත්තු  තියා ගන්නා
ඒ ඔයා ගැන නෙමෙයි
ඔය හිත මගෙයි කියලා.........
මම ඔයා දිහා බලන් ඉන්නවා
ඒ ඔයා පොඩ්ඩක් හරි බලයි කියා
මම ජිවත් වෙනවා
ඒ මට මැරෙන්න බැරි හින්දා නෙමෙයි
මැරුණොත් මට ඔයා නැතිවෙයි කියලා
මට හිතා ගන්න බැහැ
මගෙ හිත ඔයා ගැන
ආදරයක් ඇති වුනේ කොහොමද කියලා...........
මම දෙවියන්ගෙන් යදිනවා
ඒ ඔයාව නෙමෙයි
ඔයාට කිසිම කරදරයක් නොවෙන්න කියලා...........
ඒත් මට ගොඩක් දුකයි
ඒ මට ඔයා ලැබෙන්නේ නැති නිසා නෙමෙයි......
මම දැන් වෙන කෙනෙකුට අයිතිවෙලා නිසා.....



1 comment:

  1. හිතට වදින අදහසක් පුංචි මහත්තයා ලස්සනයි මේක

    ReplyDelete

Twitter Bird Gadget