නුවර බලා පැමීණි බස් රථයක් නවතා ගත් සාගර එහි නැගී පිටත් විය. සාගර බස් රියෙන් පිටත් වන විට කොතරම් හිතේ දුකක් තිබුණත් කල්පනා දෙස බලා සිනාහ වී ඇයට යන්නම් කියා ඉගියකින් මෙන් පැවසීය. කල්පනාද ඔහුට සිනහවකින් සංග්‍රහ කලේය. එත් කල්පනාගේ සිතේ රැවු දුන්නේ සාගර තමන්ට කියු වචන ටිකය.......
විට කල්පනාට සිතුනේ සාගර කියු දේ නිවැරදිය කියයා. සාගර මෙතරම් ළගින් ආශ්‍රය කරන එකම මිතුරියද වුයේ තමා බව ඇය දනී. ඇයද මෙම පාපකාරී ක්‍රියාවේ හවුල්කාරියක් බව විටෙක ඇයට සිතුණි. සාගර ප්‍රර්ථනාට කොතරම් නම් ආදරයක් දැක්වුවාද යන්න ඇයට විටින් විට විශ්ව විද්‍යාලය තුළ දි සිදු වු සිදුවිම් සමග මතකා වර්ජනය වන්නට විය.
සාගරගේ නික්ම යාමත් සමග කල්පනාද ඇය පැමිණි කටයුත්ත සදහා පිටත්වන්ට විය. ඇය පැමීණියේ ප්‍රර්ථනාගේ නිවස බලා පිටති ව්මටය. සාගරටද එය වැටහිණි. ඇයට මෙතරම් තරහකින් යුතුව සාගර මීට පෙර කිසිදු දිනක කතා කොට නැත. එහෙත් සාගර මෙලෙස කතා කරන්නට ඇත්තේ ප්‍රර්ථනාගේ විවාහ උත්සවය සදහා මා ද යන බව සිතාගෙනය. එසේ සාගර සිතුවේ නම් එය නිවැරදිය. මා ද ප්‍රර්ථනාගේ නිවෙස බලා යන්නට පැමිණි බව බොරුවක් නොවන බව කල්පනාට සිතුණි. එහෙත් ප්‍රර්ථනාගේ විවාහ උත්සවයට සම්බන්ධ විමට යන බව ඇය සාගරට හැගෙවුවේ නැත. එලෙස හැගෙව්වේ නම් සාගර මේ සියල්ටම වැදිකාරිය ලෙස මා හංවඩු ගසන බව නිසැකයැයි කල්පනා සිතුවේය. කෙසේ වෙතත් සිදුවි ඇති දේ පිළිබදව ප්‍රර්ථනා හා කතා කළ යුතු බව ඇයට සිතිණි. ඇය නැවත වර්ෂාවක් ඇද හැලෙන්නට පෙර ප්‍රර්ථනාගේ නිවස බලා පිටත් විය.
සාගර දවල් දවසටම කෑම කෑවේ නැත. ගෙදර ආපු ගමන් ඇදට වැටුණාය. කිප වතාවක්ම හැඩුවේය. නැගිටිද්දි ගොඩක් රැ වේලා.සාගර ඇද උඩන්ම වාඩි වෙලා මෙසේ උඩ තිබුණු වතුර විදුරුව අරන් වතුර උගුරු දෙක තුනක් බිව්වේය. ප්‍රර්ථනා එක්ක විශ්ව විද්‍යාලෙදි ගත්ත ෆොටෝ එකක් සාගරගේ කාමරේ කණ්නාඩි මේසේ උඩ තියා තිබුණාය. සාගර ඒය අතට අරගෙන ප්‍රර්ථනාගේ මුහුණ දිහා බලා ගෙන ඉන්න විට ප්‍රර්ථනාගෙන් කැමැත්ත ලැබුණ දවස මතක් විය.
හ්ම්.......... හරි
මොනවද හරි ..... ප්‍රර්ථනා සාගරගෙන් ඇසීය. ඔන්න අද නම් ප්‍රර්ථනා ඔයාට කියන්නම වෙනවා.... නොකිවුවොත් බෙල්ල මිරිකලා මෙන්න මේ කන්දෙන් පල්ලයහට විසික් කරලා මං යනවා යන්න....
මාව.....
ඔයාව තමයි...........
පුලුවන්ද? එහෙම කරන්න..... ප්‍රර්ථනා සාගරගෙන් ඇසිය.
මොකද බැරි....... සාගර මවා ගත් තරහකින් යුතුව ප්‍රර්ථනා දෙස බලා කිවේය.
ආදරය කරපු කෙනෙකුට එහෙම කරන්න පුලුවන්ද? ප්‍රර්ථනා ඇසිය.... ආදරේ කරනවනම් ඉතින් එහෙම කරන්නේ නෑ මම කිවුවේ ආදරේ නොකරනවනම්.... සාගර ප්‍රර්ථනා දෙස බලා මද සිනහවකින් යුතුව කීවේය.
හ්ම්........ ඒක මිසක්
හ්ම්....... ඉතින් කියන්නකෝ.........
මොනවද අනේ........
මම අහපු දේට උත්තරේ..... සාගර එවර තරහින් යුතුව ප්‍රර්ථනාට පැවසිය.
ඉතින් මොකක්ද? සාගර......... ප්‍රර්ථනා කිසිවක් නොදන්නා මෙන් සාගරගෙන් ඇසිය.
ඉතින් බොරුට හුරතල් නොවි කියන්නකෝ ප්‍රර්ථනා.......
ඉන්නවකෝ...... කියන්නේම නෑ......... බෙල්ල මිරිකලා මාව මේ කන්දෙන් පහලට තල්ලු කරන්න... ප්‍රර්ථනාද මවා ගත් කෝපයෙන් යුතුව පැවසිය.
කියන්නේ නෑ එහෙනම්.... සාගර ප්‍රර්ථනාගෙන් ඇසිය.
නෑ.........
නෑ......... ප්‍රර්ථනාද කිහ.
සාගර බොරුවට ප්‍රර්ථනාගේ දෙවුරෙන් අල්ලලා පහල බෑවුමට තල්ලු කරන්න වගේ හදලා.... ප්‍රර්ථනාව තුරුල් කර ගත්තා. ප්‍රර්ථනත් එහෙමම සාගරගේ උර හිසට බර වුණා.
හරිද..........
මොකක්ද? සාගර ප්‍රර්ථනාගෙන් ඇසිය.
දැන් දැන ගත්තද?
මොකක්ද? කිසිවක් වටහා ගත නොහැකි සාගර නැවතත් ප්‍රර්ථනාගෙන් ඇසිය.
උත්තරේ........ ප්‍රර්ථනා සාගරට කිහ.
නෑනේ............ සාගර කිසිවක් නොදන්නා ගානට එලෙස කිවේ ප්‍රර්ථනාගේ වචනයෙන්ම තමන්ට ආදරේ කරන බව දැන ගැනිමටය.
කැමති මෝඩයෝ........... අකමැතිනම් මෙහෙම ඔලුව තියගෙන ඉන්නවද?
ආ......... එහෙමද?
අපෝ........ මෝඩයා එකවත් තේරෙන්නේ නෑනේ.......
නෑ........ මම මේ හිතුවේ........ ලෙඩකට අසනීපයකටවත් මෙහෙම ඉන්නවා කියලා
ප්‍රර්ථනාට එවර නම් සාගර කියුදේට මහා හයියෙන් සිනහ ගියේය.
අනේ යනවා යන්න............ මට මොන ලෙඩද?
ඒ කියන්නේ........ කැමති....... සාගර නැවතත් ඇසීය
කැමති........ ප්‍රර්ථා සිනහ වෙමින් කිහ.
“මට දුන්නු ඒ හැගුම් නොකරන්න හද රිදුම්............
කිසිදාක වෙන් නොවි.......... වෙන් නොවි.......... වෙන් නොවි..........
සොදුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්..........
මිහිරි හැගුම් විදි............. ඒ ඈ ............................”
සාගර තමන්ගේ කලිසම් සාක්කුවේ තිබු ජංගම දුරකථනය අතට රැගෙන ප්‍රර්ථනාගේ ඡායා රූපයක් ගත්තේය. සාගර කිසිදු දිනයක ප්‍රර්ථනාගේ නොදුටු ලස්සනක් ඒ ඡායා රූපයේ දක්නට තිබුණි.
සාගර මොකටද ඒ? ප්‍රර්ථනා තමන්ගේ ඡායා රූපයක් ගනු ලැබු සාගර දැක ඇසිය.
ඇයි දෙයියනේ..... මගේ කෙල්ලගේ පින්තුරයක් ගන්න මම මොකටද කාගෙන්වත් අවසර ගන්නේ... හ්ම් ඒකත් ඇත්ත නේද සාගර...... ප්‍රර්ථනා සිනහ මුසු මුහුණින් යුතුව පැවැසීය.
සාගර මටත් එකක් ඕනි..........
නෑ........ නෑ...... දෙන්නටම එක පින්තුරක් තිබුණම ඇති.
අනේ ......... සාගර ............
ඇත්තටම ලස්සනයි...එත් දුකයි....
ReplyDeleteෆොටේ එක දෙන්නාගාවම තිබුනනම් හොදයි.
සාගරේ තරමි ආදරේ...
(ඉතිරි කොටස කෝ..)