නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !
මහාකස්සපථේර බොජ්ඣංග සුත්තං (මහා කස්සප තෙරුන්ට වදාළ බොජ්ඣංග දෙසුම)
(මෙය පාළි භාෂාවෙන් ඇති මහාකස්සපථේර බොජ්ඣංග සූත්‍රයෙහි සිංහල තේරුම ය.)
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භග්යයවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන් ගේ අභය භූමිය වූ වේළුවනයේ වැඩවසන සේක. ඒකල්හී ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ රෝග පීඩා වැළඳීමෙන් කායික දුකට පත්වීමෙන් බොහෝ ගිලන්ව පිප්ඵලී ගුහාවෙහි වැඩ සිටියාහු ය.
එවිට භග්යයවතුන් වහන්සේ සවස් වරුවෙහි දී භාවනාවෙන් නැගිට ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ වෙත වැඩම කළ සේක. එසේ වැඩම කොට පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන්නා වූ භග්යයවතුන් වහන්සේ ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේගෙන් මෙසේ විමසා වදාළ සේක.
පින්වත් කස්සප, ඔබට ඉවසිය හැකි ද? පහසුවෙන් සිටින්නට හැකි ද? කයේ දුක් වේදනා අඩු වීමක් තිබේ ද? වැඩි වීමක් නොවේ ද? අඩු වීමක් ම දකින්නට ලැබේ ද? වැඩි වීමක් නොපෙනේ ද?
ස්වාමිනි, භග්යයවතුන් වහන්ස, මාගේ අසනීපය ඉවසන්නට නොහැකි ය. පහසුවෙන් සිටින්නට නොහැකිය. මාගේ කායික දුක් වේදනා ඉතා බලවත් ය. වැඩි වීමක් ම ඇත්තේය. අඩු වීමක් නැත්තේමය. දකින්ට ලැබෙන්නේ වැඩි වීමක්මය. අඩු වීමක් දකින්ට නොලැබෙන්නේ ය.
පින්වත් කස්සප, මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්ද වූ ප්‍රගුණ කරන ලද්දා වූ බහුල වශයෙන් දියුණු කරන ලද්දා වූ විශේෂ ඤාණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නා වූ මේ බොජ්ඣංග ධර්මයන් හතකි.
ඒ බොජ්ඣංග ධර්ම හත නම් කුමක් ද?
පින්වත් කස්සප, සති සම්බොජ්ඣංගය මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දේ ය. ප්‍රගුණ කරන ලද්දේය. බහුල වශයෙන් දියුණු කරන ලද්දේය. විශේෂ ඤාණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නේය.
පින්වත් කස්සප, ධම්මවිචය සම්බොජ්ඣංගය මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දේය. ප්‍රගුණ කරන ලද්දේය. බහුල වශයෙන් දියුණු කරන ලද්දේය. විශේෂ ඤාණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නේය.
පින්වත් කස්සප, විරිය සම්බොජ්ඣංගය මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දේය. ප්‍රගුණ කරන ලද්දේය. බහුල වශයෙන් දියුණු කරන ලද්දේය. විශේෂ ඤාණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නේය.
පින්වත් කස්සප, ප්‍රීති සම්බොජ්ඣංගය මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දේය. ප්‍රගුණ කරන ලද්දේය. බහුල වශයෙන් දියුණු කරන ලද්දේය. විශේෂ ඤාණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නේය.
පින්වත් කස්සප, පස්සද්ධි සම්බොජ්ඣංගය මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දේය. ප්‍රගුණ කරන ලද්දේය. බහුල වශයෙන් දියුණු කරන ලද්දේය. විශේෂ ඤාණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නේය.
පින්වත් කස්සප, සමාධි සම්බොජ්ඣංගය මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දේය. ප්‍රගුණ කරන ලද්දේ ය. බහුල වශයෙන් දියුණු කරන ලද්දේය. විශේෂ ඤාණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නේය.
පින්වත් කස්සප, උපේක්ඛා සම්බොජ්ඣංගය මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දේය. ප්‍රගුණ කරන ලද්දේය. බහුල වශයෙන් දියුණු කරන ලද්දේය. විශේෂ ඤාණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නේය.
පින්වත් කස්සප, මෙම සප්ත බොජ්ඣංග ධර්මයෝ මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දාහුය. ප්‍රගුණ කරන ලද්දාහුය. බහුල වශයෙන් දියුණු කරන ලද්දාහුය. විශේෂ ඤාණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නාහුය.
ස්වාමීනි, භග්යයවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම මේවා නම් බොජ්ඣංග ධර්මයෝමය.
භග්යයවතුන් වහන්සේ මෙය වදාළ සේක.
සතුටු සිතින් යුතු වූ මහා කස්සපයන් වහන්සේ භග්යයවතුන් වහන්සේ වදාළ බොජ්ඣංග ධර්මයන් සතුටින් පිළිගත්තාහුය. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ ඒ අසනීපයෙන් නැගී සිටියාහුය. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේගේ ඒ අසනීපය එතැනින් ම නැති වී සුවපත් වූ සේක්මය.
---- ඒ තේන සච්චේන සුවත්ථි හෝතු! ----
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

ReplyDelete