Powered By Blogger

Sunday, June 5, 2011

දේවතාවියේ........




අතින් මල් පොකුරු අරගෙන හිතින් ආදරේ කර කර
මහ වෙහෙරට ගිය හැටි මතකද ගියවර පොසොන් එකට
පැටව් කුඩුවක් හදන්න ඔයා එක්ක මැවු හින
කියන්න මට මේ පාරත් හීනයක්ම වේවිද සුදු

කහ පාටට සද එළියට දිළිසි දිළිසි රත්තරන් මුණ
සිල් කැඩුණත් ඉඹින්ඩ හිතුණා මට මගේ සද පලුව
උපාසකම්මලා මැද්දෙන් හිනාවෙවී ඔයා බලපු ඒ බැල්මට
පොසොන් පෝය දවසෙම රෑ පැනලා යන්න හිතුණා මට

මල් ගස් උඩ ගස් වැල් වල වැවවල් මත
සුදු අටපට්ටම් පැටව් කුඩු එල්ලෙන විට
මගේ ඇස් රහසින් පාවී නතර වුණේ ඔයා ගාව
රැලි එල්ලන්න තිබ්බේ රත්තරං පාට ඔය මුණට

පොසොන් දන්සැලට නෑවිත් ඔයා බිම බලන් යන විට
අතින් අල්ලගෙන ඇවිදින් වාඩී කළේ ආදරේට
ලැජ්ජාවෙන් බිම බලාන ඔයා කෑව දන්සැල බත
රත්තරනේ ඒ මොහොතේ පැත්තකට වෙලා බලන් හිටියෙ ඔය මුණයි

හැමදාමත් මං ගාවින් බිම බලාන ඔයා ගිහින්
පස්සෙ හොරෙන් හැරිලා බලලා හිනාවෙවී යනෙනා විට
ඔය රීදී පාට ඇස් දෙක මගේ මුණ ළගට කර බලපන්
පොසොන් එකට උඹ දැල්වු පහන් පොකුර එහි තියේවි

 

No comments:

Post a Comment

Twitter Bird Gadget