වැල ගහට
අයිති නෑනේ,
ගහට දුක
හිතේ වී
කවුරු හරි
වැල ගහෙන් වෙන් කලාම...
ලස්සනම
ලස්සන මලක සුවද
මලටද හිමි
නෑ....
ඒ සුවද බඔරු
හොරා ගන්නවා
සුවද නැති
වුනාම මල පරවෙනවා
මල
තනිවෙනවා....
මහා මෙරක්
තරම් දුක් උහුලලා
ආදරයෙ
මහිමයෙන්ම
ලේ කිරි
කරලා හදන දරුවෝ
පණටත් වැඩිය
ආදරේ කළාට,
කවදා හරි
අම්මා තාත්තා දාල යනවා.
අපිත් එක්ක
එකටම ඉන්න සෙවනැල්ල වගේ යාහළුවෝ
යෙහෙළියෝ
ගොඩක් ආදරේ කළාට,
අපෙන් දවසක
ඈත්වේවි කියලා හිතුනම
දැනෙන
දුක......
හැම හුස්මක
කදුළු බිදුවකම
සුදු
හසරැල්ලකම, ඔයා විතරමයි
එහෙම පතලා....
සසර පුරාවටම
ඔයා මගේ විතරමයි කියලා....
ජිවිතයටත්
වැඩිය ආදරේ කළාට..
ඔයා මටත් මම
ඔයාටත්,
දවසක අහිමි
වුනොත්
අහිමි වුනාම....
අහිමි වුනාම....
මේ දුක් ගොඩ
මං වගේ සංවේදී හිතකට නම්,
දරාගන්න
බෑ.....
ඇත්තමයි මට
නම් බෑ....
එත් ඇත්ත
පිළි ගන්න...
අපට අපවත්
හිමි නැති ලොවක
සියල්ලම
අහිමි වෙන දවසක,
එදාටත්
කදුලක් නොනැගි නෙතට
හසරැල්ලක්
මුවට නගන්න
චුට්ටක්
හිතන්න.....
No comments:
Post a Comment