වැළි මළුව දිගේ ආවට නුඹ පේවී - හරි ඉක්මණට මනමාල වැස්ස ඒවී
දුක් මහන්සියෙන් කඩපු කුසුම් ගිලිහී - වැහි වතුර දිගේ දුර ඈතට පාවී යාවී
හීන් කීකරු නැති ළා අදුරේ සළු ගිලිහේවී - මල් කැඩු රෝස ඇගිලි තුඩින් කදුළු පිසීවි
ගල් හිතක් ළගදි නුඹේ කදුළු තව දිගුවේවී - මත් බඹරු සුවද අරගෙන යයි නුඹ තනිවේවි
බද දිගේ පිපුන හාදු පේලි ගිනි මල් වු දාක - ගද ගහන ප්‍රේම තටාකයේ මල් පරවුන දාක
විදි තනිකම මොන තරම් හැඩද සිතේවි නුඹ සිතට - දුක ඇවිදින් හරි කරුණාවෙන් ළග ඉදිවි රෑක
No comments:
Post a Comment