මෙම ලිපිය ලිවිමට තිරණය කළේ මා සියල්ල දන්නා බව ප්‍රකාශාක කිරිමට හෝ කිසිවෙකු අපහසුතාවයට පත් කිරිමට නොව සිංහල භාෂාව භාවිතයේදි පුද්ගලයා භාෂාව භාවිතා කළ යුත්තේ අවස්ථානුචිතව යන්න පසක් කිරිමටය.
භාෂාව යනු කුමක්ද?
“අදහස් ප්‍රකාශ කිරිමේ ප්‍රබලතම මාධ්‍ය භාෂාවයි”
භාෂාවේ ස්වභාවය කවරේ ද?
“භාෂාව මගින් මිනිසා අද්විතිය ජයග්‍රහණ රැසක් හිමි කර ගෙන තිබේ. චින්තනය, අධ්‍යාපනය, සන්නිවේදනය, විනෝදාස්වාදය අන්‍යොනය සබදකම්, සමාජ සංවාද ආදී මේ සෑම අංශයක් කෙරෙහි ම භාෂාව බලපාන්නේය. භාෂාව භාවිතා කරන සමාජය “භාෂක සමාජය” ලෙස හදුන්වයි. පොදු වාක්‍ය සංකේත පද්ධතියක් ඒ සදහා යොදා ගනී. මේ වාක්‍ය සංකේත පද්ධතිය හේතුවෙන් ජාතියක අනන්‍යතාව ද ආරක්ෂා වේ”
භාෂාවේ කාර්යභාරය කුමක්ද?
“සංකිර්ණ මානසික හැගිම් ප්‍රකාශ කිරිම, පුද්ගල අත්දැකිම් පොදු තත්ත්වයකට පත් කිරිම, අන්‍ය්‍යාන්‍යයන් වශයෙන් අදහස් උදහස් ප්‍රකාශ කිරිම, අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිම, කෙටියෙන් කියතොත් සමස්ත සමාජ ක්‍රියාවලිය ම සිදුවන්නේ භාෂාව පදනම් කර ගෙනය”
සන්නිවේදනය යනු මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට හැගීමක්, අදහසක්, ප්‍රකාශයක් තොරතුරක් හෝ අවශ්‍යතාවක් ප්‍රකාශ කිරිමයි. මනුෂ්‍ය සමාජය තුළ පමණක් නොව තිරිසන් සත්වයන් තුළ ද ඔවුන්ගේ හැගිමක් ප්‍රකාශ කිරිමට විවිධ සන්නිවේදන ක්‍රමයන් අනුගමනය කරනු දක්නට ලැබේ. එම සන්නිවේදන කාර්යයේදී ප්‍රබල මාධ්‍යයක් හැටියට යොදා ගන්නේ භාෂාවයි.
භෙතික හා බුද්ධිමය වශයෙන් මිනිසාගේ දියුණුවත් සමග සන්නිවේදන මාධ්‍ය දියුණු වු බව පෙනි යයි. ඒ සෑම මාධ්‍යයකකදී ප්‍රබලව අදහස් දැක්විමට යොදා ගනු ලබන්නේ භාෂාවයි. එවැනි ප්‍රබල මාධ්‍යයක් වන සිංහල භාෂාව භාවිතා කරනා හුදෙක් ජනයා වාග් කෝෂය භාවිතා කරන්නේ කිසිදු ආකල්පයක් හැගිමක් නොමැති පිරිසක් ලෙසය. එවැනි පුද්ගලයින් සමාජයේදී සංකිර්ණ මානසික හැගිම් ප්‍රකාශ කිරිම, පුද්ගල අත්දැකිම් පොදු තත්ත්වයකට පත් කිරිම, අන්‍යොන්‍ය වශයෙන් අදහස් උදහස් ප්‍රකාශ කිරිම, අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිම අතින් පහළ මට්ටමක සිටින බව භාෂා භාවිතා කරන ඇතැම් පුද්ගලයින්ගෙන් දැක ගත හැකිය.
ව්‍යාංජනයකට ලුණු නොදෑ කළ එය රසවත් නැත. එලෙසම භාෂා භාවිතා කර කවි, කතාන්දර කිවාට භාෂාව භාවිතා කිරිමට අප නොදන්නේ නම්.. එම කවි කතා නීරසය, සැම විටම පුද්ගලයා භාෂාව භාවිතා කළ යුත්තේ අන්‍යොන්‍ය සම්බන්ධතා ගොඩ නැංවිමත් සමගය, අප භාෂාව භාවිතා කර කුමන ආකාරයේ නිර්මාණ බිහි කලත්, එවැනි දෑ නිර්මාණය කිරිමට උත්සහ දැරුවත්, භාෂාව භාවිතා කිරිමට නොදන්නේ නම් එයින් කිසිදු පලක් නොමැත.
වාග් කෝෂයට බිදක්.....
මානසික යන වචනය සිංහල වාග් කෝෂයට අනුව විග්‍රහයට ගත් කළ.....
මනස් + ඉක නම් තද්ධිතය සමග එක්ව = සිතට අයත් යන වචනය බිහිවෙයි. මෙවැනි ආකාරයේ වචන වල අභ්‍යන්තර තේරුම් නොදැන අප භාෂාව භාවිතා කරන්නේ නම් කුමක් සිදුවෙයිද? එනිසා වාග් කෝෂය භාවිතා කිරිමේදී එහි තේරුමද දැන අප භාවිත කළ යුතුය. මක් නිසාද යත් කෙනෙකුට අපි මෙම වචනය භාවිතා කොට බැන වැදුණ හොත් ඔහු හෝ ඇය “මානසික” යන වචනයේ ඇතුලාන්ත අර්ථය දැන සිටිය හොත් අපගේ මොලේ පිහිටා ඇති ස්ථානයද භාෂාවේ භාවිතයෙන්ම තේරුම් ගනී... : පී
භාෂා භාවිතයට කැමති ඔබටයි මේ.....
එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී රැකියා ජීවිතයේ දී යම්කිසි කටයුත්තක දී උදව් කර ගත හැකි එකක් මිස මෙය පාඩම් පොතක් නම් නෙමෙයි. ශබ්ද කෝෂයක් පාවිච්චි කිරීමේ දී නිවැරැදිව භාෂාව පාවිච්චි කරන්නට පුරුදු වෙනවා.
ගෞරවාන්විත ලෙස භාෂාව ඉදිරියට පවතින්නට එය හොඳ පිටිවහලක් වෙනවා. එනිසා දරුවන්ට, ගුරුවරුන්ට, ජනමාධ්‍යවේදීන්ට, සාමාන්‍ය පාඨකයා මේ කියන කොයි කාහටත් ශබ්ද කෝෂයක් පරිශීලනය කිරීම ඉතාම වැදගත්.
:පී :පී පිස්සු ගෑනි කියන එකන් ඔහෙමම ව්‍ග්‍රහ කරන්න බලන්න..
ReplyDeleteබොහෝ දෙනෙක් නොදන්නා පැති කඩක් ව්වරණය කිරිම බොහෝ සෙයින් අගය කරමි.
ReplyDeleteදරුවන්ට, ගුරුවරුන්ට, ජනමාධ්‍යවේදීන්ට, සාමාන්‍ය පාඨකයා මේ කියන කොයි කාහටත් ශබ්ද කෝෂයක් පරිශීලනය කිරීම ඉතාම වැදගත්.
great'''''''
ස්තුතියි හංසී.....
ReplyDelete