ගෙවි ගිය සීත දෙසැම්බර් මාසය
අපේ ආදරේ උණුසුම් දවස් ටික
මල් උයන් පුරා විහිදි ගිය
ඔබ ළග ඇදුණු
මගේ දුප්පත් පා සටහන
රත්තරං මතකද........
නේන දුරක ඔබ ගිය පසු
පේන නොපෙනෙන දුරින් හිද මට
මේඝයක් වන් සුසුම් දරාගෙන
දෝන කෙරුවා හදවත උණු ලේ ගලන
පෑදී පෑදී රීදි පාටින්
ප්‍රේමය පමණක් ඉල්ලා
ඔබේ දෝත දොවමින් ගලා ගිය
මගේ කදුළට.......
දුරුත්තක් වු වසන්තය ඔබ
නැති කළේ ඇයි ?
රත්තරං ඔබ......
මම ඇඩුවේ නෑ
අඩන්නට ඔබ දුන්නේ නෑ
ඒ ගෙවි ගිය රත්තරං දවස් වල
දැනුත් මම අඩන්නේ නෑ
අඩන්නට හිතට දෙන්නෙත් නෑ.......
තාම මම ඔබට ආදරේ නිසා
ඔබේ ළග වැටි දැවටි ඉන්නා
ඔබේ පුංචි ...............
තාම මම කියලා මම
හිතන නිසා
එත් රත්තරං
ඔබ තාම දන්නේ නෑ.........
“වියෝ වු පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩු දා
කදුලයි දකින්නේ සිනහවේ සරදම්”
No comments:
Post a Comment