Powered By Blogger

Wednesday, June 8, 2011

පාරමීතා සිහිනය......




දෙහිතකින් නොව එක සිතින් මම ඔබට
පෙම් කරමි.....
අහිතකින් නොව මහා හිතකින් ඔබ
ගැනම සිතමී....
මං ළගින් නොව ඔබ ළගින් මම මගේ
පණ තබමී....
දැන් ඉතින් මම... පවා ඔබටම සින්න බව
කියමී.....
ඔබ තරම් මා ගැන හිතන්නට කෙනෙක්
තව නොමැතී.....
ඔබ තරම් මා බලා ගන්නට හදක්
තව නොමැතී.....
ඔබ තරම් මට අගේ හිතෙනා දෙයක්
තව නොමැති.....
රත්තරං ඔබ නොමැතිනම් මට ලොවක්
නම් නොමැතී.....
තරුවකින් නොව ඔබේ දෙනෙතින් නිල්
එළිය දකිමී.....
මල් රුවෙන් නොව ඔබේ සෙනෙහෙන්
සදේ සුව විදිමී.....
මං ලොවෙන් නොව ඔබේ දෑසින්
ජීවිතය දකිමී....

Twitter Bird Gadget