කවදාවත් කොතනකදීවත්
මං තරග කළේ නෑ
ඒ තරග කරලා පරාජය බාරගන්න බැරිව නෙමෙයි
පරාජයේදී හිතේ තියෙන
සැනසීම නැතිවෙනවට මං බයයි
ලැබෙන දේ
සතුටින් භාර ගත්ත මිසක්
ජිවිතේට තව තව දේවල් ඉල්ලලා
මං ඇඩුවේ නෑ
ආදරේදි වුනත් මං එහෙමයි
ආදරේ මට සෞම්‍ය හීනයක්
මෟදු මොලොක් මල් පෙත්තක්
ඔයාගේ ආදරේට හිත ලෝබයි
ඒත් ඒ ආදරේ
දෝතට ගන්න..... පපුවට තුරුලු කර ගන්න
මං බය වුනේ ඒකයි
මං හරියට අඩන්න ගත්තේ දැන්
ඒ ඔයා ළග නැති නිසා
මං බලන් ඉන්නම්
නිහඩව නිසොල්මනේ
මේ රැ කලුවරේ
හමන සීතල සුළගකින්වත්
ඔයා ගැන
තොරතුරක් ලැබෙනකල්............

